දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
NMRA සභාපතිට, ප්‍රධාන විධායකට කෙහෙළිය යන්න කියයි - ප්‍රධාන විධායක යුධ ප්‍රකාශ කරයි
Homeප්‍රවෘත්ති

NMRA සභාපතිට, ප්‍රධාන විධායකට කෙහෙළිය යන්න කියයි - ප්‍රධාන විධායක යුධ ප්‍රකාශ කරයි

PropellerAds

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ මහතාට සිය තනතුරුවලින් ඉල්ලා ...

ජනාධිපති අද මෙහෙමහරි වැඩ කරන්නේ මං අගමැති නිසා..- මහින්ද
රනිල්-සජිත් අන්තිම සාකච්චාව සූදානම්… නායකකම නොදුන්නොත් සජිත් වෙනම පක්‍ෂයකින් මහ මැතිවරණයට..
මුස්ලිම් බලය එකට ගොනු කිරීමට හකීම් - රිෂාඩ් සාකච්ඡා
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ මහතාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී ඇත.

මීට පෙර වෛද්‍ය සවීන් සේමගේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේය. වත්මන් ඖෂධ හිඟයට ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත සහ එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ යන අයගේ අකාර්යක්ෂමතාව ද හේතු වූ බව පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදී පාර්ශව කිහිපයක්ම චෝදනා කළේය. සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් වන රවී කුමුදේශ සහ සමන් රත්නප්‍රිය එහි මුලිකත්වයක් ගත්තේය.
පසුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සභාපති වෛද්‍ය රසිත විජේවන්ත සහ එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ කැඳවා සිය තනතුරුවලින් ඉවත්වන ලෙස නියෝග කර ඇත. මෙම දෙදෙනා මෙකී තනතුරුවලට පත් කලේ ඖෂධ නියාමන අධිකාරිය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන යටතේ පැවති සමයේය. නව අමාත්‍යමණ්ඩල සංශෝධනය යට‍තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඍජුවම සෞඛ්‍ය අමාත්‍යංශයට හිමිව ඇත. තමන් ඉවත් කිරීම ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සිය ෆේස් බුක් ගිණුමේ තැබූ විවේචනාත්මක සටහනක් මේ සමග දැක්වේ.

//අස්වීමට කියූ නිසා අස්වෙමි.

රටේ පවතින ඖෂධ අර්බුදයට වගකිව යුත්තේ ඖෂධ නියාමන අධිකාරිය බව පවසමින් රවී කුමුදේශ් වැනි දේශපාලන අඳබාලයන් ඇතුලු කණ්ඩායම් හා දේශපාලන අධිකාරිය ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමනය අකුලා දමන්නටත් අධිකාරියේ කළමනාකාරිත්වය ඉවත් කිරීමටත් කැස කවමින් සිටින මේ මොහොතේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස මාගේ කතාව සටහන් කරමි.

මා වෙත තනතුරෙන් ඉවත් වන ලෙස දන්වන ලද හෙයින් මම ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වෙමි.

අවුරුදු 32 ක නොකැලැල් රාජ්‍ය සේවයක ඉතිහාසයක් ඇති මම පසුගිය මාස 6 තුල නියමිත වැටුප් පවා නිසියාකාරව නොගෙන එමෙන්ම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයෙකු ලෙස මාගේ වෘත්තීය ජිවිතයේ අභිවෘද්ධිය පවා කැප කරමින් මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමනය ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාමට දිවා රෑ නොබලා කැප වුනෙමි. දුෂිත නිලධාරීන් විසින් විනාශ කර තිබු ආයතනයක් යලි ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය මුලික අඩිතාලම දැමීමට මට හැකි වූ අතර දුෂණයේ මහ ගෙදරක් වූ මෙම ආයතනය තුල දුෂණය අවම කිරීමට හැකි වීම පිලිබඳව නිහතමානීව ආඩම්බර වෙමි. අනිසි දේශපාලන අතපෙවීම් වලට අනුබල නොදීම මා අස්කිරීමට මූලික හේතුවක් වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂිත නිලධාරීන්ගේ උසිගැන්වීම් සහ කේලම් බස් ඊට ඉනිමන් බඳින්නට කටයුතු සැකසිණි.

අධිකාරියේ මාගේ සේවා කාලය තුල රාජ්‍ය සේවය කොතරම් දුෂිතද යන්න මට පැහැදිලි විය. ඖෂධ ජාවාරම නිසා රජයට අහිමි වන අති විශාල ධනස්කන්ධයේ පරිමාණය ගැන මට අවබෝධයක් ලබා ගැනීමට හැකිවූ අතර එසේ සිදුවී ඇති මහා පරිමාණ දුෂණයන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර අදාල නිලධාරීන්ට නිසි දඬුවම් ලබා දෙන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එවන් පරීක්ෂණයකදී මා දන්නා සියලු තොරතුරු ඉදිරිපත් කර එයට සහයෝගය දැක්වීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙමි.

පසුගිය අවුරුදු 32 ක සේවා කාලය තුල වැටුපට අමතරව සතයකදු වංචා කර නොමැති මා මෙවන් අසීමිත වංචාවන් සිදුවන ආයතනයක සේවය කර සතයකුදු වංචාවකින් තොරව ගෞරවාන්විතව නික්ම යාමට මට ශක්තියක් තිබීම පිළිබඳව නිහතමානිව ආඩම්බර වෙමි. තවද මා එසේ වංචාවක් කර ඇති බව හෝ ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය පිළිබදව මා වගකිව යුතු බවට මා කර ඇති එකදු අඩුපාඩුවක් පෙන්වා දෙන ලෙස රවී කුමුදේශ්ට මම අභියෝග කරමි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි දුෂිත නිලධාරීන් සිටින ආයතනයක ටික කලක් හෝ සේවය කිරීමට මට සිදුවීම මගේ අභාග්‍යක් ලෙස සලකන අතර මගේ වෘත්තීය ගෞරවය රැකගෙන දුෂණය සඳහා කිසිදු බලපෑමක් සිදු නොකර තෘප්තියෙන් රාජකාරි කල හැකි පරිසරයක් සහිත ශ්‍රී ලංකා යුධ හමුදාව පිළිබඳව මගේ නිත්‍ය රැකියා ස්ථානය ලෙස මම හුදෙක්ම ආඩම්බර වෙමි.

කිසි දිනෙක අපේ රාජකාරි සඳහා අනිසි බලපෑම් නොකලා පමණක් නොව අප වෙත නිවැරදි නිර්භීත නායකත්වය ලබා දීම පිළිබඳව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මා මේ මොහොතේදී ගෞරවයෙන් සිහිපත් කරමි.

ඖෂධ නියාමන අධිකාරියේ රාජකාරි සඳහා මා නිර්දේශ කල අතිගරු ජනාධිපතිතුමා, යුද හමුදාපතිතුමා හා හිටපු සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳව ප්‍රණාමය පුදකරමි. ඔබ තුමන් මා වෙත තැබූ විශ්වාසය මා මාගේ සේවා කාලය තුල නොබිඳු බව මා විශ්වාස කරමි.

එමෙන්ම මා සමඟ උරෙනුර ගැටී අධිකාරියේ උන්නතිය වෙනුවෙන් කටයුතු කල සභාපති තුමා ඇතුළු සියලුම කාර්යය මණ්ඩලය කෘතවේදීව සිහිපත් කරමි. අවසාන වශයෙන් වෛද්‍ය ශිෂ්‍යයෙකු ව සිටි අවධියේ සිට සේනක බිබිලේ ප්‍රතිපත්ති වලින් පෝෂණය ලද මා ඉදිරියේදී ද සබුද්ධික ඖෂධ භාවිතය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ කරමි.

ඖෂධ නියාමන අධිකාරිය දිනේවා ! මාතෘ භුමිය දිනේවා !

වෛද්‍ය සවීන් සේමගේ
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: NMRA සභාපතිට, ප්‍රධාන විධායකට කෙහෙළිය යන්න කියයි - ප්‍රධාන විධායක යුධ ප්‍රකාශ කරයි
NMRA සභාපතිට, ප්‍රධාන විධායකට කෙහෙළිය යන්න කියයි - ප්‍රධාන විධායක යුධ ප්‍රකාශ කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiehv9HUjZilTK55BLCUwHBC6sqoo8LWR6y4kFEnsyPQshi9HXXMaiu4DI-fUE5D9KNuucqCC_yOLRYtAXH3VaUZDaxa7KH2gHQCkCDsCs_zo3nsQ0J825lobJ0N023qJATqh58pcNdq9xZBHzzR1bmXFqWT9W4clJ8XD8Yw0_5HcaNYmoVvOkSiX1N7w/s320/nmr.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiehv9HUjZilTK55BLCUwHBC6sqoo8LWR6y4kFEnsyPQshi9HXXMaiu4DI-fUE5D9KNuucqCC_yOLRYtAXH3VaUZDaxa7KH2gHQCkCDsCs_zo3nsQ0J825lobJ0N023qJATqh58pcNdq9xZBHzzR1bmXFqWT9W4clJ8XD8Yw0_5HcaNYmoVvOkSiX1N7w/s72-c/nmr.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/nmra.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/nmra.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy