දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධය දේශපාලන තීන්දුවකට සූදානම් : ආණ්ඩු පෙරළියට සැලසුමක්.
Homeගොසිප්

ඒකාබද්ධය දේශපාලන තීන්දුවකට සූදානම් : ආණ්ඩු පෙරළියට සැලසුමක්.

PropellerAds

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ලැබුණු පසු දේශපාලන තීරණයක් ...

ෆේස්බුක් ආදායම අඩුවේ : වෙළඳපල අගය සීග්‍රයෙන් පහළට.
ග්‍රීසිය සහ ඉතාලිය සමඟ ද්විපාර්ශ්වික ගුවන් සේවා.
අධිකරණ ඇමැතිනියගේ නියෝගයෙන් බන්ධනාගාර බුද්ධි අංශය විසුරුවයි.


ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ලැබුණු පසු දේශපාලන තීරණයක් ගැනීමට සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා  පැවසුවේය.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට හැකියාව පවතීදැයි සොයාබැලීම සඳහා නීතිඥවරුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ පෙරේදා (14) තීරණය කළහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ නිල නිවසේ පෙරේදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

නීති ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරි නීතිඥයන් නියෝජනය වන පරිදි එම විශේෂඥ කමිටුව ඉතා ඉක්මනින් පත් කර, එහි තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට පක්ෂ නායකයන් තීරණය කළ බවත් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒ සම්බන්ධව සාකච්ඡා කර දේශපාලන තීරණයක් ගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වන්නේ විපක්ෂ නායක ධූරය නොව සිය මන්ත්‍රී කණ්ඩායම විපක්ෂය ලෙස පිලිගැනීම බවත් මන්ත්‍රීවරුන් 70ක් සිටින කණ්ඩායම විපක්ෂය ලෙස පිළිනොගන්නේ මන්දැයි තමාට ගැටලුවක් බවත් ඔහු ප්‍රශ්න කළේය.

ආණ්ඩු පෙරළියක් ඇති කිරීම ඒකාබද්ධයේ සැලසුම ව්‍යර්ථ වී ඇත්දැයි අප කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැවසූවේ මෙම පාර්ලිමේන්තුව තුලම ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට සූදානම් බවයි.

මේ වනවිට ආණ්ඩු පක්ෂයේ පිරිසක් විපක්ෂයට එක් වීමට සූදානම් බවත් තවත් පිරිසක් ආණ්ඩුවේ සිටිමින් සහය පල කිරීමට කැමැත්ත පළ කර ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා තවත් පිරිසක් ආණ්ඩුවේ පනත් සම්මත කිරීමේදී පවා ඡන්ද දීමෙන් වැලකී සිටීමට සූදානම් බවත් ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවේ බහුතරය බලය හීන කිරීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

මේ අතර ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සීමා නිර්ණය කමිටු වාර්තාවට තුනෙන් දෙකේ බහුතර බලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ අනුව සීමා නිර්ණය වාර්තාව නිවැරදි කර යළි කඩිනමින් ගෙන ආ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

ස්වාධීන වුණොත් මන්ත්‍රීකම හබක්

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ස්වාධීන වුවහොත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වන බවයි.

පක්ෂ සාමාජිකත්වය අහෝසි වී ගියහොත් මන්ත්‍රී ධුරය අහෝසි වී යන බවත් මේ නිසා ඒකාබද්ධ විපක්ෂයේ හෝ 16 කණ්ඩායමේ කිසිවෙකුටත් එවන් තත්ත්වයක් ඇති නොවීමට උපරිම උත්සහ ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණද, සන්ධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂවල මන්ත්‍රීවරුන්ට ස්වාධීන වීම සම්බන්ධව ගැටලුවක් නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීන වීමේදී මතුවිය හැකිද යන්න සම්බන්ධව කමිටුවේ විශේෂ අවධානය යොමුවනු ඇත.

ශ්‍රීලනිප 15 කණ්ඩායමත් ස්‌වාධීන වීමට යයි

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ ස්‌වාධීනව සිටීමට තීරණය කළහොත් ආණ්‌ඩුවෙන් ඉවත්වූ 16 දෙනා ද ස්‌වාධීනව සිටීමට තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායක රැස්‌වීමේදී ස්‌වාධීන වීම පිළිබඳව තීරණය කිරීමට කමිටුවක්‌ පත්කළ බවත් එම කමිටු වාර්තාව අනුව 16 දෙනාද ක්‍රියා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දැනටමත් 16 දෙනා ආණ්‌ඩුවෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කරන බවත් ඔවුන් පොහොට්‌ටුවේ කොටස්‌කරුවන් නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්‌වීමේදී විවිධ අය විවිධ අදහස්‌ ප්‍රකාශ කළ බවත් එම සියලු අදහස්‌ කමිටුවට යොමුකර ඒ අනුව එක්‌ තීරණයක්‌ ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස්‌ දුන් බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධය දේශපාලන තීන්දුවකට සූදානම් : ආණ්ඩු පෙරළියට සැලසුමක්.
ඒකාබද්ධය දේශපාලන තීන්දුවකට සූදානම් : ආණ්ඩු පෙරළියට සැලසුමක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1LiFEXG82s7sqFOYSBg41XPqyj6D1APtP-i_VV_7Gg2nvxQmS00dxsPgAeDIE9Q7HQVB6r9CnCqjSQxB9wzT55GS61wKB4vNpktBxAwgVSPO4ACo_cPkvmq0-hWeii4VbAKWh4-OA6fqu/s1600/b0c586a9969bd8c9f923800e2c4f70bc_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1LiFEXG82s7sqFOYSBg41XPqyj6D1APtP-i_VV_7Gg2nvxQmS00dxsPgAeDIE9Q7HQVB6r9CnCqjSQxB9wzT55GS61wKB4vNpktBxAwgVSPO4ACo_cPkvmq0-hWeii4VbAKWh4-OA6fqu/s72-c/b0c586a9969bd8c9f923800e2c4f70bc_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_671.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_671.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy