අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර බුද්ධි ආරක්‍ෂණ ඒකකය විසුරුව...
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර බුද්ධි ආරක්‍ෂණ ඒකකය විසුරුවා හැර තිබේ.
මේ බව සඳහන් ලිපිය ඊයේ (26 දා) සවස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය මගින් බන්ධනාගාර මූලස්‌ථානයට එවා ඇත.
හිටපු ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ පාලන කාලයේ බන්ධනාගාර රැඳවියන් අතර සිදුවන දූෂණ ක්‍රියා මැඩ පවත්වමින් බන්ධනාගාර ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මෙම ඒකකය පිහිටුවනු ලැබිණි.
විසුරුවා හරින විට බන්ධනාගාර බුද්ධි ආරක්‍ෂණ ඒකකයට අනුයුක්‌තව නිලධාරීන් 220 ක් පමණ රාජකාරී කළ අතර බන්ධනාගාර තුළ සිදුවන ජංගම දුරකථන භාවිතය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු තහනම් ක්‍රියා මැඩපැවැත්වීමට මෙම නිලධාරීහු යොදවනු ලැබූහ.
බන්ධනාගාර රැඳවියන් අතර කැරලි ඇතිවීමේදී ඒවා පාලනය කිරීම සඳහා යොදවනු ලැබුවේ මෙම නිලධාරීන්ය. ඊට අමතරව පාතාල සිරකරුවන් අධිකරණයට ගෙනයැමේදී අධි ආරක්‍ෂාව සඳහා ද බන්ධනාගාර බුද්ධි ආරක්‍ෂණ නිලධාරීන් විශේෂයෙන් යොදවනු ලැබූහ.
වැලිකඩ බන්ධනාගාරයේ සිට මහ පරිමාණයෙන් කුඩු ජාවාරම් කරන බවට චෝදනා එල්ල වී ඇති මරණ දඬුවම නියමව සිටින සුසෙයි නමැත්තා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ බන්ධනාගාර නිලධාරීන් 08 දෙනාගෙන් 07 දෙනකුම බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් බවට හෙළිවී ඇත.
COMMENTS