මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සාකච්ජාවක් පැවැත්ව...
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සාකච්ජාවක් පැවැත්විණි.
මහනුවර පැවති මෙම සාකච්ජාවට ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම ප්‍රදේශයේ ආගමික නායකයින්ද පැමිණ ඇති බව වාර්තා වේ.
මෙහිදී එම ප්‍රදේශවල සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අවධානය යොමු කර තිබේ.
මේ අතර යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැකීමට ගියහ.
ඉන් අනතුරුව උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්විය.
“ඉතාමත් සුළු සිදුවීමක් හේතු කරගෙන තමයි මේ තත්ත්වය මතු වෙලා තියෙන්නේ. මෙහිදී සිංහල ජනතාව හා මුස්ලිම් ජනතාව මේ ප්‍රශ්නෙකට මැදි වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට ඒ සුළු සිදුවීම විශාල තත්ත්වෙකට ගමන් කරලා තියෙනවා මේ වෙලාවේදී. ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය එකතු වෙලා දැනට අපි බට පිරිස් යොදවලා තියෙනවා. ඒ සෑම දෙයක්ම යොදවලා තියෙන්නේ ජනතාවගේ ආරක්ෂාව සඳහා. පක්ෂ භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව මුස්ලිම් වේවා, සිංහල වේවා, දෙමළ වේවා සෑම කෙනෙක්ගෙම ආරක්ෂාව සපයන්න හමුදාව අපි රජයේ අනුග්‍රහය යටතේ අපි මේවා යොදවලා තියෙනවා. මේ වෙනකොට ඔබලා දකින්න ඇති තිබිච්ච තරම් තත්ත්වයේ වෙනස් තත්ත්වයක් දැන් තියෙන්නේ.”
“සෑහෙන්න දුරට මේක පාලනය වෙලා තියෙනවා. යම් යම් සුළු සිදුවීම් එතන තිබුණත් ඒකෙ අදහස මේ රට කඩන් වැටෙන්න යනවත්, මේ නැවත වතාවක් යුද්ධයක් ඇති වෙනවා වත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා කියන එකවත් නෙවෙයි. කොහොම නමුත් අපි තවදුරටත් මේ භුමියේ රැඳී සිටිනවා. ඒ රැඳී සිටින්නේ ජනතාවගේ ආරක්ෂාව සඳහා. තවදුරටත් මම කණගාටුවෙන් කියනවා හමුදාපති හැටියට මේ නුවර ප්‍රදේශයේ ජිවත් වෙන්නේ හිංසක, වැදගත් ජනතාව. ඔවුන්ව උසි ගන්වන්න පිට පළාත් වලින් පැමිණි කට්ටියක් මෙතන ඉන්නවා. ඇවිල්ලා ඉන්න අය ගැන අපි ක්‍රියාන්විත රාජකාරියක යෙදිලා ඉන්නවා. අපි හා අනිත් හමුදාවල් නීති මාර්ගයෙන් ගත හැකි ක්‍රියා මාර්ග ඔවුන් වෙනුවෙන් ගන්නවා. අරගෙන මේ ප්‍රශ්න ඇති කරන අයට නැවතත් මේ ප්‍රශ්න ඇති නොකරන විදියට අපි කටයුතු කරනවා. ඒ සඳහා බලයක් තිබෙනවා. අපේ හමුදාවත් ශක්තිමත්. මේ අවස්ථාවේදී මම හිතනවා ඒ ගොල්ලෝ පාඩමක් ඉගෙන ගනී කියලා. මේ වගේ දේවල් නොකර ඉන්න මින් ඉදිරියට.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS