දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති වැය ශීර්ෂයෙන් සියයට 81 කප්පාදු කරල. ඒකට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ - ඩිලාන්
Homeප්‍රවෘත්ති

ජනාධිපති වැය ශීර්ෂයෙන් සියයට 81 කප්පාදු කරල. ඒකට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ - ඩිලාන්

PropellerAds

මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා සිය වැය ශීර්ෂයෙන් 81%ක් කප්පාදු කරගෙන ඇති අතර System Change යන්නෙන් අදහස් කරන්නේ එය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි...

වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙක්ව ටිපර් රථයකින් යටකර පළා ගිය හැටි
පොලිස්බල ප්‍රදේශ 05ක් හෙට හුදෙකලා භාවයෙන් මුදා හැරේ
නැන්දා මැරෙන්න දවසකට කලින් පුතා අවසන් කටයුතු වලට මුදල් ගෙවලා
මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා සිය වැය ශීර්ෂයෙන් 81%ක් කප්පාදු කරගෙන ඇති අතර System Change යන්නෙන් අදහස් කරන්නේ එය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙවර අයවැයේ තේමාව වී ඇත්තේ පළිගැනීම වෙනුවට පිළිගැනීම වන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

පළිගැනීම වෙනුවට පිළිගැනීම යන ක්‍රම වෙනසට විපක්ෂයට හැඩගැසීමට නොහැකි වී ඇති බවද එහිදී මන්ත්‍රීවරයා පැවසුවේය.

''තමන්ගේ අයතනයේ වියදම් 81% ක් මේ අවුරුද්දේ ගෝඨාභය මහතා කප්පාදු කර ගත්තා. තමන්ගේ වියදම්, වාහන ප්‍රමාණය ඒවා ආදර්ශයෙන් කප්පාදු කර ගත්ත නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. එය තමයි System Change එක.

මෙවර අයවැයේ ප්‍රධාන තේමාව වනුයේ පළිගැනීම වෙනුවට පිළිගැනීමයි. කිසිම ආණ්ඩුවක පළාත් සභාවේ විරුද්ධ පක්ෂයේ කිසිම කෙනෙක්ට මුදල් වෙන් කරන්නේ නෑ. එය පළිගැනීමයි. පළි ගැනීම කියන සංකල්පය වෙනුවට පිළිගැනීම කියන System Change එක ගෙනාව මේ අයවැය තුළින් අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ලංකාවේ සෑම පළාත් පාලන කොට්ඨාශයකම ජනතාවගෙන් පත්වෙච්ච මන්ත්‍රිතුමාට ඔහුගේ පක්ෂය බලන්නේ නැතිව මිලියන 04 ක් දුන්නා. පක්ෂ භේදයකින් තොරව කටයුතු කළා. පළිගැනීම වෙනුවට පිළිගැනීම කියන සංකල්පය ආවාම ඒ System Change එක විපක්ෂයට දිරවන්නේ නෑ. ඒ අයට ඒ සඳහා හැඩගැහෙන්න දන්නේ නෑ. ඒ තරමට වෛරය, ද්වේශය අපේ රටේ මිනිස්සුන්ගේ ඇග පුරා ගිලා බැහැලා තිබෙන්නේ. ඒ නිසා ලේසි නෑ අයවැයක් ගේන එක.නිදහසින් පසු අවුරුදු 70 ක් තිස්සේ අයවැය ලංකාවට ගෙනත් තිබෙනවා. නමුත් කිසිම මුදල් ඇමතිවරයෙක් මේ වගේ පරිසරයක් තිබුණේ නෑ. නමුත් බැසිල් රාජපක්ෂ මැතිතුමාට අයවැය ඉදිරිපත් කරන්න වුණේ කම්බියක් උඩ බයිසිකලයක් යනවා වගේ අසීරු වැඩක්. එතුමාට අමාරු කාලයක අයවැය ඉදිරිපත් කරන්න සිදු වුණේ.'' යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති වැය ශීර්ෂයෙන් සියයට 81 කප්පාදු කරල. ඒකට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ - ඩිලාන්
ජනාධිපති වැය ශීර්ෂයෙන් සියයට 81 කප්පාදු කරල. ඒකට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ - ඩිලාන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFbK0HeHsIu25e4YLvrODhabV6yaL_odU9daAXF9whe6SuKu7js-e7AkSoPw6kD0TxZqIUcVXKF9otGscLDgCcS_rc2mws7oq4XkaS8WpC44ey_7tal1WqOISUPZ1tx_vnVOepLpoSSTY0/s320/dilan-perera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFbK0HeHsIu25e4YLvrODhabV6yaL_odU9daAXF9whe6SuKu7js-e7AkSoPw6kD0TxZqIUcVXKF9otGscLDgCcS_rc2mws7oq4XkaS8WpC44ey_7tal1WqOISUPZ1tx_vnVOepLpoSSTY0/s72-c/dilan-perera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy