මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් සලංකන්ද ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මා...
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් සලංකන්ද ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව හැටන් පොලිසිය පවසයි.
අද (13) අලුයම 5ට පමණ එම මාර්ගයේ හැඩ්ලි වත්ත ප්‍රදේශයෙන් මාර්ගයට පස් කන්ද කඩා වැටි ඇත.
පස් කන්ද කඩා වැටුණු ස්ථානයට ඉහලින් වතු නිවාස පේලියක පදිංචි පවුල් 30 ට අයත් සමාජිකයන් 100 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති කුලන්දවේල් රවි මහතා කියා සිටියේය.
ප්‍රධාන මාර්ගය කඩා වැටි ඇති පස් කන්ද ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත.
COMMENTS