පළාත් සභා සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත් විය. සීමා නිර්ණය වාර්තාවට පක්ෂව එකදු ඡන්දයක්වත් නොලැබී...
පළාත් සභා සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත් විය.
සීමා නිර්ණය වාර්තාවට පක්ෂව එකදු ඡන්දයක්වත් නොලැබීම විශේෂත්වයක් විය.
විරුද්ධව ඡන්ද 139ක් ලැබිණි.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැත.
වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ද ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේය.
COMMENTS