රටේ හා පාර්ලිමේන්තුවේ අවධානය මහනුවර කලහකාරී සිද්ධිය කෙරෙහි යොමු කර බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ...
රටේ හා පාර්ලිමේන්තුවේ අවධානය මහනුවර කලහකාරී සිද්ධිය කෙරෙහි යොමු කර බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් ආකාරයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසීය.
ඒ ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට මහා සංඝරත්නය විරුද්ධ වීම හේතුවෙන් අවස්ථා දෙකකදී එම පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට ආණ්ඩුවට සිදු වූ බවත් මහනුවර ඇති වූ කලහකාරී සිද්ධිය උපයෝගී කර ගනිමින් මහා සංඝරත්නයේ ඉල්ලීම පසෙක තබා එම පනත් කෙටුම්පත සම්මත කර ගත් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
රටේ හා පාර්ලිමේන්තුවේ අවධානය වෙනත් සිද්ධි කෙරෙහි යොමු කර රටට අහිතකර පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේ වෑයමක ආණ්ඩුව දී සිටින බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද එවැනිම පියවරක් අනුගමනය කරනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
COMMENTS