හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණීම පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කර තිබේ.
වත්මන් ජනාධිපතිවරයා තමන් පෞද්ගලිකව හොදින් දන්වා බවත් බොහෝ කාලයක් එකට දේශපාලනය සිදු කළ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යුතුකමක් යැයි සිතා පැමිණෙන්නට ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.
වත්මන් ජනාධිපතිවරයා හමුවීමෙන් දේශපාලන පෙරලියක් සිදු නොවන බවද ඊයේ (26) පැවති උත්සවයකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා විසින් මුල් වී පත්කරන ලද කමිටුවක් විසින් ඉදිරිපත් කළ වාර්තාව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ආණ්ඩුව විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අගමැතිවරයාගේ දැනුවත්ව බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාව ආණ්ඩුව විසින් පරාජයට පත් කළ බවද සීමා නීර්ණය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වගකීම ඇත්තතේ අග්‍රාමාත්‍යවරයාට නිසා අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS