කටාර් රාජ්‍යය පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ගලේවෙල බුලනවැව ප්‍රදේශයේ පදිංචි අසංක ප්‍රේමරත්න මහතා හදිසි අනතුරකින් මියගොස් තිබෙන බවත් ඔහු...
කටාර් රාජ්‍යය පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ගලේවෙල බුලනවැව ප්‍රදේශයේ පදිංචි අසංක ප්‍රේමරත්න මහතා හදිසි අනතුරකින් මියගොස් තිබෙන බවත් ඔහුගේ දේහය මෙරටට ගෙන්වා දෙන ලෙසත් මරණයට හේතුව කුමක්දැයි සොයා දෙන ලෙසත් ඔහුගේ බිරිඳ හා ඥාතීහු රජයෙන් ඉල්ලා සිටිති.
තම පුරුෂයාගේ දේහය මෙරටට ගෙන්වා දෙන ලෙස අවැසි සියළු ලියකියවිලි විදෙස් සේවා නියුක්ති කාරයංශයට ලබාදී දින ගණනාවක් ගත වුවද තවමත් ඒ සඳහා කිසිදු පිළිතුරක් නොමැති බව අසංක ප්‍රේමරත්න 34 මහතාගේ බිරිඳ ක්‍රිෂාන්ති ඉන්දිරා මහත්මිය පැවැසුවාය.
ගලේවෙල බුලනවැව ප්‍රදේශයේ පදිංචි අසංක ප්‍රේමරත්න දෙදරු පියෙකි. ඔහු 2016 පෙබරවාරි මස නවවන දින කටාර් රාජ්‍යය රියදුරු රැකියාවකට පිටත්ව ගොස් තිබේ. පසුව එදා සිට ලංකාවේ තවත් තරුණයන් කිහිපදෙනෙකු සමග තෙමහල් ගොඩනැගිල්ලක නවාතැන්ගෙන සිටි බව බිරිඳ පවසන්නීය. 2018 07. 28 වන දින අසංක ප්‍රේමරත්න මහතාගේ මිතුරෙකුගේ මෙරට සිටින බිරිඳක් විසින් අසංක තට්ටු තුනක ගොඩනැගිල්ලකින් පහලට ඇද වැටී මියගිය බව දැනුම් දුන් බව ද ඇය පැවසුවාය. එහෙත් අසංක සමග එකට බෝඩිමේ නවාතැන්ගෙන සිටි කිසිදු කෙනෙක් මේ වනතුරුත් තමන්ට කතා නොකළ බව ඇය පවසන්නීය.
මියගිය අසංකට වයස අවුරුදු 09ක දුවක් හා වයස අවුරුරුදු 03ක පුතෙක් සිටි .
අසංක ප්‍රේමරත්න මහතාගේ මව හා ඥාතීන් හඬා වැටෙමින් නිවස ඉදිරිපිට සුදු කොඩි ඔසවා කඳුළු සලමින් සිටිති. නිවසට එක්ව සිටි ප්‍රේමරත්න මහතාගේ ඥාතීහු අසංක ගේ මරණය ඝාතනයක් දැයි සැක කරන බවද පවසති.
පසුගිය මාසයේ 28 වනදා සිට මේ දක්වා කිසිදු තොරතුරක් අසංක පිළිබඳව නොලැබුන බවත් එරට සිටින මිතුරෙකු විසින් අසංක ඇද වැටුණු බව කියන ගොඩනැගිල්ලේ හා එම ස්ථානයේ ලේ තැවරී ඇති වීඩියෝ පටයක් imo තාක්ෂණය හරහා අසංකගේ ඥාතීන්ට එවා තිබීම තිබේ. ඒ හැරෙන්නට කිසිඳු තොරතුරක් මෙම නිවැසියන්ට හමුවී නැති බව ඔවුහු පවසති.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS