දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මේ රජය උද්ඝෝෂණවලට බය රජයක් නෙමෙයි" - තලතා
Homeප්‍රවෘත්ති

"මේ රජය උද්ඝෝෂණවලට බය රජයක් නෙමෙයි" - තලතා

PropellerAds

“නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය බදු ගෙවන්න කියපුවාම බදු අඩු කරන්න  කියලා උද්ඝෝෂණය කරනවා මේ රජය උද්ඝෝෂණවලට බය රජයක් නෙමෙයි අපි ඒ නිදහස දී...

කෝලිට - යුවීට ඉන්දීය ඇමති තරග පාවාදීමේ චෝදනා කරයි?
"කටාරයට පැය 48 ක්" - ගල්ෆ් කලාපීය රටවල් කටාරයට දැනුම් දෙයි
ලංකාවේ ජනප්‍රිය කතාව උණ නිසා දෙවෙනි ඉනිමේ සෙට් එක දැම්ම පාටි එක

“නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය බදු ගෙවන්න කියපුවාම බදු අඩු කරන්න  කියලා උද්ඝෝෂණය කරනවා මේ රජය උද්ඝෝෂණවලට බය රජයක් නෙමෙයි අපි ඒ නිදහස දීලා තියෙනවා” අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ බලංගොඩ ඉඹුල්පේ කැපොක්වත්ත ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදි කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි .

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

“මේ හැම සංවර්ධන ව්‍යාපෘතියක්ම කරන්නේ රජයේ මුදලින් කියන එක අපි අමතක කරන්න හොද නැහැ.රටේ අද හැම තැනකම උද්ඝෝෂණය කරනවා. කණගාටුවෙන් වුණත් කියන්න ඕන තමුන්නාන්සේලා පිරිප්පුවලට  සීනිවලට විදුලි බිලට ටෙලිෆොන් බිලට ගෙවන බදු වලින් ඉගෙන ගත්ත අය ඒ අය ඉදිරියට ගියාම අත දීපු අය අමතක කරලා රටට ජාතියට ණයයි කියන එක අමතක කරලා අද බදු ගෙවන්න කියපුවාම බදු අඩු කරන්න කියලා උද්ඝෝෂණය කරනවා. රටක ආදායම පවතින්නේ බදු මුදල් හරහා ගෙවන බදු අනුව ණය හැටියට ගන්නා වු ආධාර අනුවයි. අපි පුරුදු වෙලා තියෙන්නේ ණය ආධාර ගන්න.බිලියන දහ දාහක විතර ණයක් එක්ක තමයි අපිට 2015 ජනවාරි 08 වැනිදා රට භාර ගන්න වුණේ. තමුන්නාන්සේලාගේ සීනී ඇටයට පරිප්පු ඇටයට විතරන් බදු ගහපු යුගයක් තිබුණා. අද නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය ඉහළට ගිහිල්ලා බදු ගෙවන්න කියපුවාම බදු ගෙවන්න බැහැ කියලා උද්ඝෝෂණය කරනවා මේ රජය උද්ඝෝෂණවලට බය රජයක් නෙමෙයි. අපි ඒ නිදහස දීලා තියෙනවා.වෙඩි තියන්න එහෙමත් නැත්නම් මොනම හේතුවකටවත් ඒ අයට වෙන හානී කරන්න අදහසක් අපේ නැහැ. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය යැයි කියා ගන්නා අය උදේට ඉස්පිරිතාලේ වැඩට ගිහිල්ලා හවසට චැනල් සෙන්ටර්වලට ගිහිල්ලා මොන විදිහට මුදල් ප්‍රමාණයක් හම්බ කරනවා ද මේවා කරන්න යන කොට සමහර අය කැමති නෑ”

“අපිට කෙයිතරම් සම්පත් රටක් ලෙස තිබුණත් ණය ආධාර මත තමයි අපි යැපෙන්න හදන්නේ.ආණ්ඩුවේ සල්ලි කියන්නේ ජනාධිපතිතුමාගේවත් අගමැතිතුමාගේවත් සල්ලි නෙමෙයි.මේවා අපේ සල්ලි. ඒ නිසා ඒවා අපතේ යවන්න නීති විරෝධී ලෙස දුෂීතව වියදම් කරන්න කාටවත් අයිතියක් නැහැ. තමුන්නාන්සේලාගේ මුදල් කොල්ල කන යුගයක් දැන් මේ රටේ නැහැ. සමහර අය අහනවා මේ ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ කියලා. මම ඕන කෙනෙකුට අභියෝග කරනවා .ඒ අයගේ  අර අවුරුදු 20 ට වඩා මේ වසර 3 නේ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා කියලා. අපි පොරොන්දු දේශපාලනයේ යෙදෙන අය නෙමෙයි ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණයේදී අපි කිවුවේ මේ රටේ නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියලා විතරයි. අපිට අද අධිකරණයේ ස්වාධිනත්වය ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවා. මාධ්‍ය නිදහස ඇති කරලා තියෙනවා මොන තරම් මඩ ගැහුවත් අසත්‍ය ප්‍රචාර ගෙන ගියත් මාධ්‍යවේදීන් මරන්නේ නැහැ මාධ්‍ය ආයතනවලට ගිනි තියන්නේ නැහැ. අද රජයේ නිලධාරීන්ට හරියට රාජකාරී කරන්න අවස්ථාව ලබාදීලා තියෙනවා.රාජ්‍ය සේවය තුළ ස්වාධීනත්වය වගේම රාජ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමත් අපේ වගකීමක්. පොලීසිය ස්වාධීන කරලා නිදහස් මැතිවරණ පැවැත්වීමේ අයිතිය ලබාදීලා තියෙනවා. අපේ බලය තහවුරු කර ගන්න අපි රාජ්‍ය සම්පත් මුදල් දේපළ යොදා ගන්නේ නැහැ. අධිකරණ ඇමති ලෙස අපි මේ රටේ අධිකරණවල පහසුකම් වැඩි දියුණු කරන්න කටයුතු කර ගෙන යනවා. රත්නපුරේ නව අධිකරණ සංකීර්ණය රුපියල් ලක්ෂ විසි පන්දාහක මුදලක් වැය කරලා ඉදි කරන්න මුල්ගල තිබ්බා. ලබන මස 03 වැනිදා කිලිනොච්චිය අධිකරණ සංකීර්ණය සදහා මුල්ගල තබනවා” යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මේ රජය උද්ඝෝෂණවලට බය රජයක් නෙමෙයි" - තලතා
"මේ රජය උද්ඝෝෂණවලට බය රජයක් නෙමෙයි" - තලතා
http://am.lk/media/k2/items/cache/d2133657582aab2c55bde1ce7b4e1ed0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_595.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_595.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy