එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන නායකයෙකු එක්සත් ජාතික පක්ෂයට ගැනීම සඳහා ප්‍රධාන රටක තානාපති කාර්යාලයක බලපෑමක් සිදු වී ඇතැයි වාර්තාවෙය...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන නායකයෙකු එක්සත් ජාතික පක්ෂයට ගැනීම සඳහා ප්‍රධාන රටක තානාපති කාර්යාලයක බලපෑමක් සිදු වී ඇතැයි වාර්තාවෙයි.
සන්ධාන ප්‍රබලයා දැනට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු නියෝජනය කරන දිස්ත්‍රික්කයක් නියෝජනය කරන අතර මොහුට එම දිස්ත්‍රික්කයේ නායකත්වය පවරා එ.ජා.ප. ප්‍රබලයා කොළඹ දිස්ත්‍රික්කයට ඒමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ.
එහිදී එ.ජා.ප ප්‍රබලයා කොන්දේසි කිහිපයක් ද පනවා ඇතැයි වාර්තා වෙයි. තානාපති කාර්යාලයක් මෙවැනි හුවමාරුවක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ මන්දැයි මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහක් ඇති වී තිබේ.
COMMENTS