උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලබා දෙන්නේ නම් තමන්ට යාපනයේ විවිධ කල්ලි හා අපරාධකරුවන් දින දාහතරක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්...
උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලබා දෙන්නේ නම් තමන්ට යාපනයේ විවිධ කල්ලි හා අපරාධකරුවන් දින දාහතරක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා 1 දා සවස යාපනයේදී කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍යවරයා එසේ කියා සිටියේ පළාතේ තත්ත්වය පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
දැනට ක්‍රියාත්මක පොලීසියට මෙවැනි අපරාධකරුවන් හා කල්ලි සාමාජිකයින් මර්දනය කිරීමට හා ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ මධ්‍යම රජයෙන් පොලීසිය පාලනය වීම නිසා බව ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියි.
මෙවැනි පාලන ක්‍රමයක් සිදුවන විට පොලීසියේ ඉහල පෙලේ නිලධාරීන් මේ අපරාධ කරුවන් සමග විශාල සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමත් ඔවුන් මුදල් ඇතුළු බොහෝ දේ මේ අපරාධකරුවන්ගෙන් ලබා ගන්නා නිසත් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට නොහැකි වන බව ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය.
උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලබා දෙන්නේ නම් මේ කුඩා ව්‍යුහය තුල පොලිස් බලතල නීස් ලෙස ක්‍රියාවට නංවා යාපනයේ ක්‍රියාත්මක වන අපරාධකරුවන් වැනි පිරිස් ඉතා ඉක්මනින් අත් අඩංගුවට ගැනීමටත් ඔවුන්ව මර්දනය කිරීමටත් හැකි වන බවද මෙහිදී කියා සිටියේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS