ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කර...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරනතුරු ඒ පිළිබඳ කතා නොකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ය.
මෙම සාකච්ඡාවේදී යෝජනාවක් ඉදිරිපත් කර ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පෙන්වා දී ඇත්තේ ජනාධිපති අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ කරගෙන මත ගැටුම් දැන් සිටම ඇති කර ගැනීම සුදුසු නොවන බවයි.
එම නිසා ජනාධිපතිවරණය කැඳවූ පසුව සුදුසු ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා හිටපු ජනාධිපතිවරයා නම් කළ පසුව එම ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලුම දෙනා කැපවී ක්‍රියාකළ යුතු බව විමල් වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දී ඇත.
ජනාධිපතිවරණය ප්‍රකාශ කළ පසුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟද සාකච්ඡා කර නියම සුදුසු අපේක්ෂකයා තමා නම් කරන බවත් ඉන්පසුව එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සැවොම එක්වී කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන තුරු ඒ ගැන මත ප්‍රකාශ නොකිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
COMMENTS