අද(14) දිනයේදී චන්ද්‍රයා වසර 68ට පසු පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කිරීම හේතුවෙන් එහි පැහැදිලි දර්ශනයක් නැරඹීමේ හැකියාව උදා වී තිබේ. ශ්‍රී ලං...
අද(14) දිනයේදී චන්ද්‍රයා වසර 68ට පසු පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කිරීම හේතුවෙන් එහි පැහැදිලි දර්ශනයක් නැරඹීමේ හැකියාව උදා වී තිබේ.
ශ්‍රී ලංකා ග්‍රහ ලෝකාගාරය ප්‍රකාශ කළේ සාමාන්‍ය දිනවල දර්ශනය වන චන්ද්‍රයාට වඩා සියයට 14ක වැඩි විශාලත්වයකින් අද දිනයේ දීප්තිමත්ව පූර්ණ චන්ද්‍රයා දැකගත හැකි බවයි.
එහි දීප්තිය සාමාන්‍ය දීප්තියට වඩා සියයට 30කින් වැඩිවන බවද වාර්තා වේ.
එමෙන්ම චන්ද්‍රයා සාමාන්‍ය ගමන් මගට වඩා අද දිනයේ කිලෝමීටර් 34,000ක් පමණ පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි.
මෙරට වැසියන්ට අද රාත්‍රී 07.30 සිට 09.30 දක්වා පමණ කාලයේදී දීප්තිමත් චන්ද්‍රයා දැකගත හැකිය.
COMMENTS