අකුරැස්ස ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේගේ රන් වැට නිරාවරණය කිරීමේ පිංකමට එක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊ...
අකුරැස්ස ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේගේ රන් වැට නිරාවරණය කිරීමේ පිංකමට එක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(14) එම විහාරස්ථානයට පැමිණියේය.
එම අවස්ථාවට ප්‍රදේශයේ ජනතාව ද විශාල පිරිසක්ද එක්ව සිටියහ.
උත්සවය සඳහා පැමිණි හිටපු ජනාධිපතිවරයාට විශේෂ පිළිගැනීමක් හිමි වූ බව වාර්තාවේ.
එහිදී හිටපු ජනපතිවරයා ආගමික වතාවත් වලින් අනතුරුව පැමිණ සිටි පිරිස සමඟ සුහද පිළිසඳරක ද යෙදුන අතර එම අවස්ථාවේ කාන්තාවක් කෑ ගසමින් සිදුකළ ප්‍රකාශයක් වෙත බොහෝදෙනෙකුගේ අවධානයක් යොමු විය.
විහාරස්ථානය වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පියගැටපෙළ නගින අතරතුර එක්වරම "ආයු බෝ වේවා මහරජාණෙනි, අනේ එන්නකෝ"යනුවෙන් එම කාන්තාව ප්‍රකාශ කළාය.
එම වීඩියෝව පහතින් නරඹන්න.
COMMENTS