ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තායතනය උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇතැයි වෘත්තීය සමිති නායකයෝ පවසති. මෙම තත්ත්වය මත ග...
ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තායතනය උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇතැයි වෘත්තීය සමිති නායකයෝ පවසති.
මෙම තත්ත්වය මත ගොවීන්ට ගස් සඳහා මුදල් ගෙවීම අනියම් සේවකයින්ට වැටුප් ගෙවීම සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට නියමිත දිනයට මුදල් ගෙවීම ප්‍රමාද වී තිබේ.
ජාතික සේවක සංගමයේ පැල්වත්ත ආස්කාගාර ශාඛාවේ සභාපති එම්.ජී ලසන්ත මහතා පැවසුවේ “පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයේ අනියම් සේවකයන් ට නියමිත දිනයට දින පහළොවෙන් පහළොවට වැටුප් ලැබෙන්නේ නැහැ ගොවීන්ගේ උක් ගස්වලට මුදල් ගෙවීමද ප්‍රමාදයි දැනගන්නට ඇති පරිදි පැල්වත්ත සීනි කර්මාන්තායතනය සෙවනගල සීනි ආයතනයට මිලියන 450 ක් ණයයි, ගොවීන්ට මිලියන 130ක් ගෙවීමට තිබෙනවා, සැපයුම්කරුවන්ට මිලියන 100 ගෙවීමට තිබෙනවා සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයන්ගේ අරමුදලට මාසිකව මිලියන 12 ක් ගෙවිය යුතුයි, කලමනාකරනයේ දුර්වලතාවයන් නිසා දිනෙන් දිනම ආයතනය පරිහානියට ලක් වෙනවා”.
අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති ක්‍රිස්ටෝපර් මහතා කියා සිටියේ ”සීනි කර්මාන්තායතනයේ ඉහළ කළමනාකාරිත්වය සිදුකෙරෙන දූෂණ වංචා ඉහවහා ගිහින් සේවක වරප්‍රසාද දිනෙන් දින කපා හරිනවා, සීනි හා ස්ප්‍රිතු අලෙවි කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදු වෙනවා ස්ප්‍රිතු ලීටර ලක්ෂ තුනක් තිබෙනවා, ඒවා උපරිම මිලකට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් නැහැ, මේ පාර කපන්නේ පුද්ගලීකරණයටයි, සේවක සුබසාධනය අන්තිමයි,සේවක නිවාස කඩා වැටෙන්න තරම් අබලන් ඇතුළත මාර්ග පද්ධතිය කිසි නඩත්තුවක් නැහැ,
ඌව එක්සත් පොදු සේවක සංගමයේ ලේකම් නිහාල් අත්තනායක පවසා සිටියේ “පැල්වත්ත සීනි කර්මාන්තායතනය කියන්නේ වෙල්ලස්සේ හදවත ස්තිර හා අනියම් සේවකයින් තුන්දහස් අටසියයකට ආසන්න පිරිසක් සේවය කරනවා, ගොවි පවුල් තිස්දහසකට පමණ ජීවන මාර්ගය සලසා තිබෙනවා, මැයි මාසයේ 14 වනදා මහ කන්නයේ ඇඹරීම්වාරය ඇරඹුනා ඔක්තෝබර් මස පළ වන දා අවසන් වෙනවා, මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ හට දහසක අස්වැන්නක් බලාපොරොත්තුවෙන් සීනි මෙට්‍රික් ටොන් විසිඅටදහසක නිෂ්පාදනය අපේක්ෂිතයි. පසුගිය කාලයේ විවෘත ටෙන්ඩර් මඟින් සීනි කිලෝවක් රුපියල් 104ට වික්කා පිටරටින් සීනි ගෙන්වීම නිසා රට තුළ සීනි අතිරික්තයක් ඇති වෙලා පුද්ගලික අංශය මෙය වෙන විට සීනි කිලෝව ඉල්ලන්නේ රුපියල් 86ට මේ වනවිට විට ගබඩාවේ සීනි ටොන් දස දහසක් තියෙනවා .මේ වනවිට සමාගම විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා සේවක වැටුප් ගෙවීමත් ගැටලුවක්, මෑතකදී ජාතික සංගමය පමණක් කැඳවලා බලධාරීන් සාකච්ඡා කර තිබෙනවා, අපිට පෙනෙන්නේ මෙය පුද්ගලීකරණය කිරීමටයි සැරසෙන්නේ අපි ඊට ඉඩ දෙන්නේ නැහැ.”
COMMENTS