උතුරු පළාත් සභාවේ ටී.රවිහරන් මන්ත්‍රීවරයා 1 දා සවස මුලතිව් පළාතේදී රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මත ගැටුමක් ඇති කරගෙන තිබේ. මුලතිව් පළාතේ ...
උතුරු පළාත් සභාවේ ටී.රවිහරන් මන්ත්‍රීවරයා 1 දා සවස මුලතිව් පළාතේදී රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මත ගැටුමක් ඇති කරගෙන තිබේ.
මුලතිව් පළාතේ මිණුම් කටයුතු අවසන් කළ ඉඩම් සංවර්ධනය කිරීම සදහා 1 දා සවස ඩෝසරයක් මුලතිව් පළාතට පැමිණීමත් සමගම එම ස්ථානයට ගිය මන්ත්‍රීවරයා නිලධාරීන්ට කෑ ගසමින් වහාම ඉඩම් සුද්ධ කිරීම නතර කරණ ලෙස මරහඩ දී යකා නටා තිබේ.
මහවැලි ජනාවාස ඇති කොට සිංහල වැසියන් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කරවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරුද්ධ බව රජයට දැණුම් දී තිබියදී මුලතිව් පළාතේ ඉඩම් සුද්ධ කිරීමට ඉඩ දිය නොහැකි බව රවිහරන් මන්ත්‍රීවරයා නිලධාරීන්ට පවසා තිබේ.
මේ අවස්ථාවේදී නිලධාරීන් ඔවුන්ට රජයෙන් නිකුත් කොට ඇති ලිපි හා ඉඩම් සංවර්ධනය කිරීම පිණිස ලබා දී ඇති බලපත්‍ර පෙන්වා ඇතත් මන්ත්‍රීවරයා ඔවුන්ට කෑකෝ ගසා තිබේ.
අවසානයේදී නිලධාරීන් මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ ඔවුන්ට තවදුරටත් බලපෑම් කරන්නේ නම් මේ පිළිබදව ඔවුන්ට පොලීසියට පැමිණිලි කිරීමට සිදුවන බවයි.ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරයා වාහනයේ නැගී ආපසු ගොස් තිබේ.
මේ වසරේ පෙබරවාරී මාසයේදී මුලතිව් වට්ටුවාල් ප්‍රදේශයේදී මුලතිව් ඉඩම් නිලධාරියාට බලපෑම් කොට තර්ජනය කරමින් ඔහුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රවිහරන් මන්ත්‍රීවරයාට එරෙහිව මුලතිව් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර ඔහු එම නඩුවේදී ඇප මත නිදහස ලබා සිටින්නෙකි.
සෑම මාසයකම අවසන් සිකුරාදා රවිහරන් මන්ත්‍රීවරයා හා සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මුලතිව් අධිකරණයට ගොස් එහි ලේඛකාධිකාරීවරයා ඉදිරියේ අත්සන් තැබිය යුතු වෙයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS