පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පෙරේදා (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයකින් පරාජයට පත්විය. පංච පුද්ගල කමිටුවක්...
පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පෙරේදා (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයකින් පරාජයට පත්විය.
පංච පුද්ගල කමිටුවක් විසින් මෙම වාර්තාව සකස් කර තිබූ අතර එම කමිටුවේ සිටි මහාචාර්යවරයෙක් වන හස්බුල්ලා පෙරේදා (24) ඇතිවූ හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබේ.
ඒ මහතා යාපනයේ පැවති වැඩසටහනකට සහභාගී වීමට යමින් සිටියදී මෙලෙස හදිසියේ රෝගාතුර වී මියගොස් ඇති බව වාර්තා වේ.
සීමා නිර්ණ කමිටු වාර්තාවට ආණ්‌ඩුවේ සිටින එජාප සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරු ද විරුද්ධ වූ අතර විවාදය සඳහා කමිටු වාර්තාව සභාවට ඉදිරිපත් කළ ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතාම ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම කැපී පෙනුණි.
COMMENTS