විවිධ ආයතන සහ සංවිධාන මඟින් මෙහෙය වන රාත්‍රී වෙරළ සාද සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන ...
විවිධ ආයතන සහ සංවිධාන මඟින් මෙහෙය වන රාත්‍රී වෙරළ සාද සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබේ.
පසුගිය දින කිහිපය තුළම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙරළ සාදවල විෂමාචාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.
මෙම වෙරළ සාද ආශ්‍රිතව විවිධ විෂමචාරයන් සිදුවන අතර, වැඩි වශයෙන් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය එහිදී භාවිතයට ගන්නා බවට ද තොරතුරු අනාවරණ වී තිබේ.
ඊට ආසන්නතම සිදුවීම පෙරේදා වාර්තා වූයේ ගල්කිස්ස ප්‍රදේශයේ වෙරළ තීරයේ සංවිධාන කර තිබූ වෙරළ සාදයක් සම්බන්ධයෙනි.
එහිදී මත්පෙති සහ ගංජා ළඟ තබා ගත් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
එමෙන්ම වාද්දුව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක පසුගියදා සංවිධානය කර තිබූ සාදයක් අතරතුරදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ඒ අනුව මෙවන් සාදවලට සහභාගිවීමෙන් වළකින ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කළේය.
COMMENTS