දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුල්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් උතුරේ කාන්තාවන්ට හිරිහැර
Homeප්‍රවෘත්ති

මුල්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් උතුරේ කාන්තාවන්ට හිරිහැර

PropellerAds

උතුරේ කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දුන් මූල්‍ය ආයතන වල නිලධාරීන්ගෙන් මේ දිනවල  තමන්ට විවිධ හිරිහැර සිදුවන බව උතුරේ කාන්තාවෝ ක...

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්
ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට සහාය නෑ - මනෝ කියයි
"නායකතුමා වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්" - හමුදා ඇඳුම් ඇඳගත් එජාප පාක්ෂිකයෝ අරලියගහ මන්දිරයේ
මුල්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් උතුරේ කාන්තාවන්ට හිරිහැර

උතුරේ කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දුන් මූල්‍ය ආයතන වල නිලධාරීන්ගෙන් මේ දිනවල  තමන්ට විවිධ හිරිහැර සිදුවන බව උතුරේ කාන්තාවෝ කියා සිටිති.

විවිධ මූල‍ය ආයතන මගින් උතුරේ කාන්තාවන් විසින් ලබාගෙන ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරින බවට රජය ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගම අදාල මූල්‍ය ආයතන නිවෙස් වලට පැමිණ කාන්තාවන් බියකොට මුදල් ඉල්ලා සිටින බවට උතුරේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට කාන්තා සංවිධාන වලින් පැමිණිලි ලැබී තිබේ.

එම ණය පහසුකම් ලබාගෙන ඇති කාන්තාවන් ණය මුදල් වලින් විශාල කොටසක් පියවා ඇතත් මූල්‍ය සමාගම් වල නියෝජිතයින් කාන්තාවන්ව අධිකරණ වලට හා පොලීසිවලට රැගෙන යන බවට බිය කරමින් මුදල් ඉල්ලා සිටීමට පටන් ගෙන ඇති බව එම් අපැමිණිලි වල සදහන් වේ.

මේ දිනවල කාන්තාවන් සොයා පැමිණෙන මූල්‍ය සමාගම් වල නියෝජිතයින්  මුදල් ගෙවන තුරු ආපසු නොයන බව කියමින් නිවෙස් වල හා කාන්තාවන් විසින් සුළු ව්‍යාපාර කරණ ස්ථානවලට  වී රාත්‍රිය වන තුරුම රැදී සිටින්නට පටන්ගෙන තිබේ.

මේ තත්ත්වය නිසා ඔවුන්ගේ පවුල්වල විශාල ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව කියන එම කාන්තාවෝ මේ තත්ත්වය මත තවත් කාන්තාවන් කීපදෙනෙකු සියදිවි හානි කරගැනීමට පෙර මේ ප්‍රශ්නයට විසදුමක් ලබාදෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉදිරිපත් කළ ලිපියේ සදහන් වෙයි.

මූල්‍ය සමාගම් වලින් උතුරේ කාන්තාවන් විසින් ලබාගත් ණය මුදල් කපාහරින ලද බවට රජය ජනමාධ්‍ය ඔස්සේ පමණක් ප්‍රකාශයක් නිකුත් කොට උතුරේ පරිපාලන නිලධාරීන්ව දැණුවත් නොකිරීම නිසා මෙවැනි තත්වයක් උද්ගත වී ඇතැයි කාන්තාවෝ කියා සිටිති.

මේ නිසා නිලධාරීන්ව දැණුවත් කොට තමන්ට සහනයක් සලසා දෙන මෙන් උතුරේ කාන්තාවන් රජයෙන් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් මැදිහත්වී ඔවුන්ට සහනයක් සලසා දෙන මෙන් ප්‍රාදේශීය ලේක්ම්වරුන්ට ලියන ලද ලිපියේ සදහන් කොට තිබේ.

මේ අතර උතුරේ කාන්තාවන් කියා සිටින්නේ තවත් මූල්‍ය ආයතන කීපයක් තමන්ගෙන් ක්ෂුද්‍ර ණය මුදල් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් මූල්‍ය ආයතන කීපයක්ම තමන්ගේ ගම්මාන වලට පැමිණෙන බවයි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුල්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් උතුරේ කාන්තාවන්ට හිරිහැර
මුල්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් උතුරේ කාන්තාවන්ට හිරිහැර
http://am.lk/media/k2/items/cache/3952e55ecbc9846d845442a604e9e78a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_396.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_396.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy