මහනුවර - ගලහ ප්‍රාදේශීය රෝහලේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත ස...
මහනුවර - ගලහ ප්‍රාදේශීය රෝහලේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත උපදෙස් ලබාදී ඇත.
කෙසේ වෙතත්, මෙම නොසන්සුන්කාරි තත්ත්වයෙන් පසු එහි සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය අද දිනයේ සේවයට වාර්තා කර නැත.
මේ හේතුවෙන් රෝගීන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ඇති බවද වාර්තා වේ.
ඊයේ ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අවුරුදු එක හමාරක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙකු මිය යාමේ සිද්ධියත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත් අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ඊයේ පස්වරුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.
රාත්‍රී 8 පමණ වන තුරුත් එම පිරිස රෝහල් භූමියේ කලහකාරී ලෙස හැසිරී ඇති අතර, පසුව රෝහලට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇත.
මේ අතර, ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව මධ්‍යයේ පිටතට පැමිණීමට නොහැකිව සිටි රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා පොලීසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර ගනු ලැබුවේ පොලිස් නිළ ඇඳුමක් උපයෝගී කර ගනිමිනි.
මිය ගිය දරුවාගේ මෘත ශරීරය මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
COMMENTS