මෙරට තේ කර්මාන්තය තුළ ඓතිහාසික වටිනාකමකින් යුත් ලූල් කඳුර වතුයායෙන් අක්කර 45ක් පෞද්ගලික සමාගමකට විකුණා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක බවට ලංකා...
ජනතා වතු සංවර්ධන මණ්ඩලයටයට මේ වතුයාය අයත්ව පවතියි.
වතු සේවා සංගමයේ ලේකම් නාත් අමරසිංහ මහතා පවසන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට පිහිටි මෙම ඓතිහාසික ලූල් කඳුර තේ වතුයාය 1867 දී ජේම්ස් ටේලර් මහතා විසින් අක්කර 25 ක තේ වගා කරමින් ශ්‍රී ලංකාවේ තේ වගාව ආරම්භ කිරීම සටහන් කළ වත්තක් බවයි.
ලූල් කඳුර වතුයායේ නිෂ්පාදිත තේ සඳහා යුරෝපය තුළ විශාල වෙළඳපොලක් පවතින බවද ඒ මහතා කියා සිටී.
කෙසේ වුවද ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති අමල් අරුන්දවන මහතා කියා සිටින්නේ ජනවසම සතු ඉඩම් හෙක්ටයාර 40,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර දැනට නිෂ්පාදනයේ යෙදී ඇත්තේ ඉන් හෙක්ටයාර 4,000කට ආසන්න ප්‍රමාණයක් බවයි.
නෙක් ඉඩම් සියල්ලම හිස් ඉඩම් බව පවසන ඒ මහතා මුඩු හිස් ඉඩම් පෞද්ගලික අංශයට යෝජනා කැඳවා ඵලදායි ව්‍යාපෘති සඳහා බදු දී අලාභය අවම කරගැනීම අමතර බදු ආදායමක් ලබාගැනීමට ජන වසම මේවන විට කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව අක්කර 3,000ත් 4,000ත් අතර ප්‍රමාණයක් විවිධ ව්‍යාපෘති සඳහා බදු දීමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර නාත් අමරසිංහ මහතා කියා සිටින්නේ මෙම ඓතිහාසික වතුයාය විකුණා දැමීමට කටයුතු කළහොත් එයට විරුද්ධව සමස්ත වතු කාර්ය මණ්ඩලය සහ වතු සේවකයින් පාරට බස්සා දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරන බවයි.
COMMENTS