දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉතිහාසයේ පළමුවරට ලංගම සේවකයන්ට ප්‍රසාද දීමනාවක්.
Homeගොසිප්

ඉතිහාසයේ පළමුවරට ලංගම සේවකයන්ට ප්‍රසාද දීමනාවක්.

PropellerAds

ලංකා ගමනා ගමන මණ්ඩල ඉතිහාසයේ පළමුවරට සියලුම සේවකයන්ට රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට රජය තීරණය කරයි. මේ දක්වා එම සේවකයන් වෙනුවෙන...

ජාතික රුපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල් නිතීඥ තුසිර මැලව්වේතාන්ත්‍රි මහතා ඉල්ලා අස්වෙයි
දුම්වැටි අලෙවිය අඩු වෙයි : රාජ්‍ය බදු ආදායමින් කෝටි 1800කට තට්ටු වෙයි.
දකුණු ආසියාවේ විශාලම ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානය : ජනවාරියේ.

ලංකා ගමනා ගමන මණ්ඩල ඉතිහාසයේ පළමුවරට සියලුම සේවකයන්ට රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට රජය තීරණය කරයි. මේ දක්වා එම සේවකයන් වෙනුවෙන් රුපියල් 5,000ක ප්‍රසාද දීමනාවක් ලබාදුන් නමුත් රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට අදාළ යෝජනාව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද, ඉතිහාසයේ පළමු වරට එම මණ්ඩලය මේ රටේ ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙන බවද, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

පසුගිය 2017 වසරේ දී ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,618ක ලාභයක් ලබා තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා මේ වනවිට එහි සේවකයන් 30,492ක් පමණ සිටින බවද මේ සියලු සේවකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් හැකි පමණින් ක්‍රියාමාර්ග ගන්නා බවද පෙන්වාදෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවාණාගාරයේ දී ඊයේ (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගිී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රථමවරට මෙහෙයුම් ලාභයක් ලබා තිබෙන බවත් මෙතෙක් කල් පාඩුවට කටයුතු කළ නමුත් මේ වනවිට සේවක අර්ථ සාධක අරමුදල, ප්‍රසාද දීමනා නිසි වේලාවට ගෙවමින් ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙන බවත්ය.

මේවා පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවට රටට පෙන්වා දී තිබෙන බව කී ඒ මහතා එවැනි ආයතන රැක ගන්න කටයුතු යොදා තිබෙන බවද, වෙනත් ඇමැතිවරු මෙන් සේවකයන්ගෙන් ආයතනය පුරවා කඩාවැටීමට තමා කිසිවිටෙකත් කටයුතු නොකළ බවද පෙන්වා දුන්නේය.

විශේෂ දීමනාවක් ලබාදෙමින් අතිරික්ත සේවක පිරිස ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බවද ලංගම ලාභ උපයන ආයතනයක් බවට පත්කරන්න කටයුතු කර තිබෙන බවද හෙතෙම කීවේය.

මෙය රජයත්, අපේ අමාත්‍යාංශයත් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව කී ඇමැතිවරයා මෙතෙක් කල් ලංගම සේවකයන්ට හොඳ ප්‍රසාද දීමනාවක් නොලැබුණු බවද මේ වනවිට ලබන ලාභය හේතුවෙන් සියලුම සේවකයන්ගේ ප්‍රසාද දීමනා ඉහළ නැංවීමට තමා තීරණය කළ බවද පෙන්වා දුන්නේය. මේ රටේ ගමනා ගමන ක්ෂේත්‍රයේ සිදුවන අසාධාරණ සිදුවීම්වල දී ලංකා ගමනා ගමන මණ්ඩලය ඉදිරියට පැමිණ ජනතාවට සේවය කරන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවද වගකීමෙන් තම වෘත්තීය වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් එම වෘත්තීය සමිතිවලට තම ප්‍රණාමය පිරිනමන බවද ප්‍රකාශ කළේය.

මේ වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය ශක්තිමත් කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බව කී ඇමැතිවරයා සේවක සුබසාධනය වෙනුවෙන් ද පියවර ගෙන තිබෙන බව පෙන්වා දුන්නේය. ලංගම සඳහා නව බස්රථ මිල දී ගැනීම වෙනුවෙන් ද පියවර ගෙන බවද ඒ අනුව ඉදිරියේ දී මේ ආයතනය ඉතාම ශක්තිමත් ආයතනයක් වනු ඇතැයි පෙන්වා දුන්නේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉතිහාසයේ පළමුවරට ලංගම සේවකයන්ට ප්‍රසාද දීමනාවක්.
ඉතිහාසයේ පළමුවරට ලංගම සේවකයන්ට ප්‍රසාද දීමනාවක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhojiquakPT4d6SiEGrUpDbytuo6N3T8qV_cG_u_QCAb3yG3JD45bb5CilbVm-oHrYFU21VGrG80fPH0oHVz8hs-1RZeCVRjDb2A4Z5jwC5BAD2jU4z1cgxbqOKhFtFnG8AnJsv7YLh16W5/s1600/pk9b9xTt710.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhojiquakPT4d6SiEGrUpDbytuo6N3T8qV_cG_u_QCAb3yG3JD45bb5CilbVm-oHrYFU21VGrG80fPH0oHVz8hs-1RZeCVRjDb2A4Z5jwC5BAD2jU4z1cgxbqOKhFtFnG8AnJsv7YLh16W5/s72-c/pk9b9xTt710.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_357.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_357.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy