දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෛද්‍ය-ප්‍රවාහන වර්ජන පිටුපස සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍ර?
Homeගොසිප්

වෛද්‍ය-ප්‍රවාහන වර්ජන පිටුපස සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍ර?

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෘත්තිය සමිති නායකයන් කිහිප දෙනෙක් සමඟ පැවැත්වූ සාකච්ඡා පිළිබඳ ලැබුණු තොරතුරු අනුව ලබන මස පැවැත්වෙන ප...

යහපාලනය කළ මෝඩ වැඩක් ගැන රාජිත කියයි.
එජාප නායකත්ව අර්බුදය යළිත් කරළියට?
'ග්‍රාම ශක්තියේ කොන්ත්‍රාත් නෑ' - ජනාධිපති.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෘත්තිය සමිති නායකයන් කිහිප දෙනෙක් සමඟ පැවැත්වූ සාකච්ඡා පිළිබඳ ලැබුණු තොරතුරු අනුව ලබන මස පැවැත්වෙන පොදු ජන පෙරමුණේ උද්ඝෝෂණයට පෙර මහජනතාවගේ නොසන්සුන්තාවක් ඇති කිරීම සඳහා නුදුරේම ප්‍රධාන සේවා අංශයන්හි තවත් වැඩවර්ජන ඇති කිරීමට යන බව වාර්තාවේ.

පසුගිය 13 වැනිදා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී වෘත්තීය සමිති නායකයන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව සිදුව තිබේ.

පසුගිය දිනක ක්‍රියාත්මක වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංකේතාත්මක වැඩවර්ජනය සහ දුම්රිය වර්ජනය හිටපු ජනපතිගේ විජේරාම නිවසේ අගෝස්තු මස මුලදී පැවැති හමුවකින් පසුව සිදුව ඇත.

දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනය නවතන තෙක් ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසුවේ අශිෂ්ඨ සම්පන්න අසාර්ථක වැඩවර්ජනය වෘත්තිය සමිති විසින් ක්‍රියාත්මක කළ දේශපාලනික කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. මෙම හදිසි දුම්රිය වර්ජනය පිටුපස සිටි දුම්රිය වෘත්තීය සමිති නායකයා වන ඉන්දික දොඩංගොඩ නමැත්තා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අතර තිබෙන සම්බන්ධතාවක් පිළිබඳව ද රජයේ පාර්ශ්වය අවධානය යොමුව තිබේ.

හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම සහ ඉන්දික දොඩංගොඩ අතර ඇති සම්බන්ධතාව ද වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර නැත. වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින වැඩිවැටුප් ලබාදීමට රජය ක්‍රියා නොකළහොත් නැවත දුම්රිය වර්ජනයකට සූදානම් වන බව ද වාර්තා වන නමුත් දැනට සාපේක්ෂව වැඩිම වැටුප් ලබන රාජ්‍ය සේවය බවට දුම්රිය ක්ෂේත්‍රය පත්ව ඇති බව නොරහසකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හිටපු ජනපති රාජපක්ෂගේ හා ඔහුගේ පිරිවරේ කිට්ටුම සඟයකු බව දිගින් දිගටම නැගෙන චෝදනා හමුවේ වෛද්‍ය වෘත්තිකයන්ද මේ වන විට බෙදී තිබේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂට 2015 ජනාධිපතිවරණ සමයේදී සහාය දක්වමින් සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් අතර, ඔහුව ප්‍රවර්ධනය කරමින් වෛද්‍ය වෘත්තීයේ ආචාරධර්ම කඩාබිඳ දැමීමට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කටයුතු කළේය. මේ මාසයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය සහ කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ කුඩා ජනරැලිය එකම දිනයේදී පැවැතීම ද හාස්‍යජනකය.

වෛද්‍ය වෘත්තීය සමිති විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සහ කාල පරාසය තීරණය කිරීම සඳහා පාදෙණියගේ දේශපාලන අභිමතාර්ථයන්වලට ඉඩදිය යුතුද නැද්ද යන්න පිළිබඳ මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තුළද මතභේදයක් හටගෙන තිබේ. වෛද්‍ය වෘත්තිකයන් කොටසක්, තම විෂය පථයෙන් ඔබ්බෙන් පවතින කාරණා සම්බන්ධයෙන් පමණක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාමාර්ග යොමුව පැවතීම ගැන ප්‍රශ්න කර සිටී.

'වෛද්‍යවරුන් ප්‍රමාණවත් නොවීම, රෝහල්වල පහසුකම් ගැන හෝ ග්‍රාමීය රෝහල්වල රෝගී සත්කාරක සේවා සම්බන්ධයෙන් ඉල්ලීම් මුල් කර ගනිමින් සංගමය කිසි දිනක වර්ජන ක්‍රියාත්මක කරන්නේ නැහැ.' නම හෙළි නොකිරීමේ පදනම මත අප හා අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකු ප්‍රකාශ කළේ එලෙසය.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය රුවයිස් හනීෆා මෑතක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ අශිෂ්ඨ සම්පන්න වැඩවර්ජනය පිළිබඳ අදහස් දක්වා තිබේ. 'වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය තිබෙනවා. නමුත් රෝගීන්ගේ ජීවිත අවදානමට ඇද දැමීමට ඔවුන්ට අයිතිය නැහැ. රෝගීන්ව අල්ලසක් ලෙස භාවිත කිරීමට ඔවුන්ට අයිතිය නැහැ.' යැයි වෛද්‍ය හනීෆා පවසයි.

හාස්‍යජනක කාරණය වන්නේ හිටපු ජනපති බලයේ සිටින කාලයේ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සහ චක්‍රලේඛවලට විරෝධය දැක්වීම සඳහාම දැන් මෙම ඊනියා සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමයි.

2008 වසරේ දී සයිටම් ආයතනය ආරම්භ කළ අවස්ථාවේ දී හෝ එම ආයතනය වෛද්‍ය හා ඉංජිනේරු උපාධි පිරිනමන පිළිගත් ආයතනයක් බවට 2011 වසරේ දී ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළ අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. 2013 වසරේ දී රජය මඟින් සයිටම් සිසුන්හට ශිෂ්‍යත්ව පිරිනැමූ අවස්ථාවේ දී පවා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජන ක්‍රියාමාර්ගවලට යොමු නොවීමට වග බලාගත්හ. නමුත් හදිසියේ පහළ වූ සානුකම්පිත හැඟීමක් නිසාදෝ 2015 දී රාජපක්ෂ රෙජීමය බිඳවැටීමන් අනතුරුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවදිවී ඇත.

මේ ආකාරයෙන්ම දුම්රිය වැටුප් සහ ශ්‍රේණි, 6/2006 චක්‍රලේඛය හරහා වැටුප් කොමිසම මඟින් ක්‍රියාත්මක කර තිබිය දී 2006 සිට 2014 දක්වා ප්‍රධාන දුම්රිය වර්ජන එකකට පමණක් සීමා කිරීමට දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාකළහ. නමුත් 2015 සිට 2017 දක්වා එම කරුණු අරඹයාම ප්‍රධාන දුම්රිය වර්ජන දෙකක් ඇතුළු වර්ජන හතරක් ක්‍රියාවට නැ‍ඟීමට එම සමිතිම කටයුතු කිරීම ගැටලු සහගතය.


මේ අතර, අපේ ශ්‍රී ලංකා සංවිධානයේ ලේකම් රුසිරු එගොඩගේ වැඩ වර්ජන සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමක් පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෛද්‍ය-ප්‍රවාහන වර්ජන පිටුපස සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍ර?
වෛද්‍ය-ප්‍රවාහන වර්ජන පිටුපස සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍ර?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRyoP1vtOEozwntO6Dgs83-GvTy2WAGT5IgXjfiq3xAwy49-lV_VGlihkb2t9gf4oXPPiQwNXs5aBS4pUKN9j6iEG7zTx8N8KPy-xWjLQffaHgCSoQ29VurM36QZ9Ch0JRuCDrbI539eAT/s1600/gotaf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRyoP1vtOEozwntO6Dgs83-GvTy2WAGT5IgXjfiq3xAwy49-lV_VGlihkb2t9gf4oXPPiQwNXs5aBS4pUKN9j6iEG7zTx8N8KPy-xWjLQffaHgCSoQ29VurM36QZ9Ch0JRuCDrbI539eAT/s72-c/gotaf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_268.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_268.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy