රාජිත සේනාරත්න අමාත්‍යවරයාට හිරගේ ඇතුළේදී සම්මාන දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය. ඒ ඊයේ (31) කොළඹ පැවති මාධ්‍ය...
රාජිත සේනාරත්න අමාත්‍යවරයාට හිරගේ ඇතුළේදී සම්මාන දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
ඒ ඊයේ (31) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපේ රටේ බෙහෙත් ද්‍රව්‍ය නිෂ්පාදනය කළේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වසා දමා තිබෙන්නේ. මේ ආයතනය විසින් නිෂ්පාදනය කරපු ඖෂධ හතලිස් අටක් ඉන්දියාව සමඟ සම්බන්ධ ටිල් නමැති සමාගමත් එක්ක මෙරටට ආනයනය කරන්න ඒ බෙහෙත් ද්‍රව්‍ය කටයුතු කරමින් ඉන්නවා. අපි රාජිත සේනාරත්න ඇමතිතුමාගෙන් අහනවා මේ බේත් ද්‍රව්‍ය ආනයනය කරන ටිල් සමාගමේ අධ්‍යක්ෂවරුන් කවුද ? ඒ තමුන්ගේ කුමන ඥාතීන්ද මේ ටිල් සමාගමේ වැඩ කටයුතු කරන්නෙ? මේ රටේ නිෂ්පාදනය කළ හැකි බෙහෙත් ද්‍රව්‍ය බිලියන හතරකට වඩා ආනයනය කරන්න සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන් ඉන්නවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දියවැඩියා ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8000 තියෙනවා තැන්පත් වෙලා අදත් වෙමින් පවතිනවා. සෞඛ්‍ය ඇමතිතුමාට සම්මාන දෙනවා. මේ ටිල් කොම්පැනියත් එක්ක කරන මහා පරිමාණ වංචාවට සම්මාන නෙවෙයි හිර ගේ ඇතුලේ සම්මාන දෙන්න ඕනේ මේ රටේ මහජන මුදල් විනාශ කිරීම පිළිබඳව.”
COMMENTS