දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ දේශපාලනය රැඳී තිබෙන්නේ ප්‍රජා අයිතිය කියන කඩදාසි කොළය මත නොවෙයි - අනුර දිසානායක
Homeප්‍රවෘත්ති

අපේ දේශපාලනය රැඳී තිබෙන්නේ ප්‍රජා අයිතිය කියන කඩදාසි කොළය මත නොවෙයි - අනුර දිසානායක

PropellerAds

“අපේ දේශපාලනය රැඳී තිබෙන්නේ ප්‍රජා අයිතිය කියන කඩදාසි කොළය මත නොවෙයි. නමුත් අවනීතික ව, අවිචාරවත්ව, දූෂිතව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජනාධි...

පට්ටපල් බොරු කියන්න යහපාලකයෝ කොහොමත් දක්සයෝ – මහින්දගෙන් මෛත්‍රීට පිළිතුරු !
සජිත්ට එජාපය කඩන්න දෙන්නේ නෑ - රනිල් අමතමින් හේමා කියයි
පොහොට්ටුව බෑ කිවුවොත් අපි ජවිපෙ සමග එක්වෙනවා - ශ‍්‍රීලනිප මහ ලේකම්
“අපේ දේශපාලනය රැඳී තිබෙන්නේ ප්‍රජා අයිතිය කියන කඩදාසි කොළය මත නොවෙයි. නමුත් අවනීතික ව, අවිචාරවත්ව, දූෂිතව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජනාධිපති ගෝටාබය රාජපක්ෂ දරන උත්සාහය සහතික ලෙස පරාජයට පත් කරනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඊයේ හයිඩ් පිටියේදී පැවසීය. කැකිල්ලේ කොමිසම් වාර්තාවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කර තිබූ රැලියේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“රටේ පරිසරය, බඩුමිල ආර්ථිකය, වංචා දූෂණ, ජාතික සම්පත් විකිණීම ආදී ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳීම පැත්තක තබා ගෝටාබය රාජපක්ෂගේ ලොකුම උත්සාහය තමන්ගේ සහ තමන්ගේ මිතුරන්ගේ නඩු ටික අයින් කරගැනීම. ඒකට කොමිසමක් දැම්මා. කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ දූෂණ ගැන පොත්වල පිටු ගණන් ලියැවී තිබෙනවා. ඔහු අධිකරණයේ දූෂිතයෙක් බව ඒවායේ කියා තිබෙනවා. ඔහු අගතියට පත් පාර්ශවයට ඇහුම්කන් නොදී තම හිතවතුන්ට ඕන විදිහට නඩු ලියපු කෙනෙක්. අභියාචනාධිකරණ විනිසුරුවන් තුන්දෙනෙක් සහිත කමිටුවකින් ඔහු දූෂිතයෙක් බව තීරණය කළා. අධිකරණ සේවා කොමිසම ඔහුව අනිවාර්ය නිවාඩු යවා විශ්‍රාම ගැන්වූවා. කොමිසමේ ඊලග සාමාජිකයා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකින් මූලික අයිතිවාසිකම් නඩුවක වැරදිකාරයෙක්. එම වරදට ඔහුගේ පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවන්න සිදු වුණා. මෙවැනි දූෂිතයන්ගෙන් සමන්විත ඔය කොමිසමට අපේ පැමිණිළි විභාග කරන්න තබා අපව කැඳවන්න වත් සදාචාරාත්මක අයිතියක් නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වලස්මුල්ල නයිගල රාජමහා විහාරාධිපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, නීතිඥ නාමල් රාජපක්ෂ, සරෝජා සාවිත්‍රි පෝල් රාජ්, මහාචාර්ය විජය කුමාර්, එක්සත් වාමාංශික බලවේගයේ මහින්ද රත්නායක, හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන අයද රැස්වීම අමතන ලදී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ දේශපාලනය රැඳී තිබෙන්නේ ප්‍රජා අයිතිය කියන කඩදාසි කොළය මත නොවෙයි - අනුර දිසානායක
අපේ දේශපාලනය රැඳී තිබෙන්නේ ප්‍රජා අයිතිය කියන කඩදාසි කොළය මත නොවෙයි - අනුර දිසානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj02IHb1FsKonGXnBorvplPL4-Fau99WTa8rDm6tBnIfvHs0Dqbe-VrGG_y65a03U5rw2VIqOWwhNbrJitZSnDa0GKhdX0DK1qaDfjYl3JkmKBUoIPOme5ityStyr-wTVjJhD_7KOpZDME/s320/anura-kumara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj02IHb1FsKonGXnBorvplPL4-Fau99WTa8rDm6tBnIfvHs0Dqbe-VrGG_y65a03U5rw2VIqOWwhNbrJitZSnDa0GKhdX0DK1qaDfjYl3JkmKBUoIPOme5ityStyr-wTVjJhD_7KOpZDME/s72-c/anura-kumara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_669.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_669.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy