හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ සැප්තැම්බර් මස 10 වන දින පෙනී සිටින ලෙසට නොතීස...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ සැප්තැම්බර් මස 10 වන දින පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.
පසුගිය රජය සමයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන හතළිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය කොළඹ විශේෂ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කෙරෙන දෙවැනි නඩුව බවද සඳහන් වෙයි.
COMMENTS