දින දෙකක් තිස්සේ සිය මූලික අයිතිවාසිකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මත නැග කළ උද්ඝෝෂණය නවතා දැමීමට තීරණය කර තිබ...
දින දෙකක් තිස්සේ සිය මූලික අයිතිවාසිකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මත නැග කළ උද්ඝෝෂණය නවතා දැමීමට තීරණය කර තිබේ.
රැඳවියන් සහ බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඔවුන්ගේ ඉල්ලිම් පිළිබඳව ඉදිරියේදී සොයාබලා කටයුතු කිරීමට පැමිණි එකඟතාවකින් පසු මෙම උද්ඝෝෂණය නවතා දැමීමට ඔවුහු තීරණය කර තිබේ.
පෙරේදා (13) සවස රැඳවියන් අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වයෙන් බන්ධනාගාර රෝහලට ඇතුළු කළ රැඳවියෝ සිව් දෙනා තවමත් එහි ප්‍රතිකාර ලබන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මිට පෙර තලතා අතුකෝරල මහත්මිය දැක්වූයේ මෙවැනි අදහසකි.
“මම ඒ සිද්ධිය දැක්කේ නැහැ මං ඉන්නේ රත්නපුරේනේ අද. ඒ පිලිබදව මං වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දිලා තියෙනවා .වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් යන පිළිවෙළට යනවා මිසක් අපිට වෙනසක් කරන්ඩ බැහැ ඕන කෙනෙකුට තමන්ට කැමති විදිහට උද්ඝෝෂණය කිරිමේ අයිතිය අද මේ රටේ ඇති කරලා තියෙනවා. උද්ඝෝෂණය කරපුවාම වෙඩි තියන්නේ නැහැනේ ඉස්සර වගේ.ඒක හින්දා බන්ධනාගාරයට 2012 නොවැම්බර් 11 වැනිදා ගිහිල්ලා .මිනිස්සු ඝාතනය වෙච්ච විදිහට 27 දෙනෙක් ඝාතනය වුනු විදිහට ප්‍රශ්න හදන්නේ නැහැ.ඉතිං අපි බොහෝම කල්පනාකාරීව ඉවසිල්ලෙන් මේ ප්‍රශ්නයට විසදුමක් දෙනවා .කවුරුත් අද මේ රටේ පිළි අර ගෙන තියෙනවා බන්ධනාගාරය තුළ තවමත් නීති විරෝධී වැඩ කටයුතු කෙරෙනවා කියලා .ඒක මම කොහොම හරි පාලනය කරනවා.”
COMMENTS