ආර්ථික වශයෙන් දැඩි සේ පීඩාවට පත්ව කුපිත වී සිටින ජනතාව බස් රථවලට පහර දෙතැයි යන සැකය නිසා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන ලංගම බස් ...
ආර්ථික වශයෙන් දැඩි සේ පීඩාවට පත්ව කුපිත වී සිටින ජනතාව බස් රථවලට පහර දෙතැයි යන සැකය නිසා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන ලංගම බස් රථවල අදාළ නාම පුවරුව ගලවා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ යන පුවරුව ගලවා සාමාන්‍ය පරිදි එම බස් රථ ධාවනය කිරීමට ඒ අනුව කටයුතු යොදා තිබේ.
පාර්ලිමේන්තුවේ ලංගම බස් රථ 9ක් යොදා මේ වනවිට එහි කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබෙන අතර විශේෂයෙන්ම ස්ථාන නවයක සිට එම බස් රථ ධාවනය වීම සිදු කෙරේ.

COMMENTS