ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමානියම් මහතාගේ මිතුරෙකු මෙන්ම ඔලිම්පික් කමිටු සාමාජිකයකුද වන අයකුගේ දුවක් ඉන්දුනීසියාවේ පැවැ...
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමානියම් මහතාගේ මිතුරෙකු මෙන්ම ඔලිම්පික් කමිටු සාමාජිකයකුද වන අයකුගේ දුවක් ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිකරවීම අධිකරණය විසින් අත්හිටුවා තිබේ.
සුවිනි ජයසූරිය නැමැති ක්‍රීඩිකාව ඉවත් කරමින් අනීකා සෙනවිරත්න කණ්ඩායමට එක් කිරීම මෙසේ අධිකරණය විසින් අත්හිටුවා තිබේ.
අනීකා ජාතික ඔලිම්පික් කමිටුවේ උප සහභාපතිවරයකු වන අසංග සෙනෙවිරත්න මහතාගේ දියණියකි.
ජාතික ඔලිම්පික් කමිටුවේ හිමිකරු ලෙස කටයුතු කරන අදාළ නිලධාරියා සචිනි ජයසූරිය ක්‍රීඩා උළෙලට එක් කිරීමට අවශ්‍ය කටයුතු මඟ හරිමින් සිටින බවද මේ අතර වාර්තා වේ.
ලබන 18 වැනිදා අදාළ ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා හිදී ආරම්භවීමට නියමිත අතර මෙම අරියාදු නිසා සචිනිට එම තරගාවලියට එක්වීමට ඇති ඉඩකඩ අල්ලපව ඇති බවද ක්‍රීඩා කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේය.
ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ටෙනිස් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැති තේරීම් තරගාවලියේදී අංජලිකා කුරේරා සහ සවිනි ජයසූරිය ඉහළම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායමේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත් වූහ.
තේරීම් තරගාවලියේ පළමු සහ දෙවැනි අදියර වලදී ජයග්‍රහණ ලබා තෙවැනි අදියරට පැමිණි අංජලිකාට සහ සුවිනිට තෙවැනි අදියරේදී අනීකා සෙනෙවිරත්නට එරෙහිව තරග වැදීමට සිදු වුවත්, එම තරග සඳහා අනීකා සහභාගි නොවීම හේතුවෙන් අංජලිකාට සහ සවිනිට එහිදී නිතරග ජයග්‍රහණ හිමිව තිබේ.
එසේ වුවත් තෝරාගත් කණ්ඩායම ජාතික ඔලිම්පික් කමිටුව වෙත යැවීමේදී තේරීම් තරග සඳහා සහභාගි නොවූ අනීකා සෙනෙවිරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි ක්‍රීඩිකාව ලෙස නිර්දේශ කර යැවීමට ජාතික ටෙනිස් තේරීම් කමිටුව පියවර ගෙන තිබුණ බව වාර්තා වේ.
ටෙනිස් තේරීම් කමිටුව එසේ තෝරාගත් කණ්ඩායම ජාතික ඔලිම්පික් කමිටුව වෙත යොමුවීමෙන් අනතුරුව අනුමත කිරීමේ වගකීම ජාතික තේරීම් කමිටුවට පැවරී ඇති අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකුගෙන් සමන්විත ටෙනිස් කණ්ඩායම 4 දෙනෙක් දක්වා අඩු කිරීමට එම කමිටුව පියවර ගෙන තිබේ.
සුබ්‍රාගේ …. ගෙන් පේන බලන තේරීම් කමිටු !
අවසන් තේරීම් කිරීමේදී දෙවැනි ක්‍රීඩිකාව ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටි සවිනි ජයසූරිය කණ්ඩායමෙන් ඉවත් කරමින් තෙවැනි ක්‍රීඩිකාව ලෙස කණ්ඩායමට නම්කර තිබූ අනීකා සෙනෙවිරත්න කණ්ඩායමට ඇතුළත් කිරීමට ජාතික තේරීම් කමිටුව එහිදී කටයුතු කර තිබිණි.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ‍්‍රනියම් මහතාද ශ්‍රී ලංකා ටෙනිස් සංගමය නියෝජනය කරන නිලධාරියකු වීම මෙහිදී බඩාත් බරපතළ තත්ත්වය බවට පත්වේ.
COMMENTS