මත් ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරුන් හිටියත් ඇමතිවරුන් නම් පාර්ලිමේන්තුවේ සිටින බවට තමන් විශ්වාස නොකරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්...
මත් ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරුන් හිටියත් ඇමතිවරුන් නම් පාර්ලිමේන්තුවේ සිටින බවට තමන් විශ්වාස නොකරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා පැවසීය.
පසුගියදා බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ සරත් ෆෝන්සේකා මහතා මේ බව කියා සිටියේය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා මෙසේද පැවසීය.
"පාර්ලිමේන්තුවේ ඇමති මණ්ඩලයේ ඉන්නේ සාමාන්‍යයෙන් වැදගත් ආකාරයට ජීවත් වන අයයි.ඒ නිසා මත් ද්‍රව්‍ය භාවිතා කරන ඇමතිවරුන් සිටින බවට මම විශ්වාස කරන්නේ නෑ.නමුත් මන්ත්‍රීවරුන් නම් ඉන්න පුළුවන්.අපි ඉතිං ප්‍රවීන වයෝවෘද්ධ අයනේ.අපි කුඩු ගැහුවොත් ඉතිං තව කාට හරි වෙයි ඇවිත් උස්සගෙන යන්න. ඒ වගේ අයව පාර්ලිමේන්තුවට එවන ජනතාව තමයි එහි ප්‍රධාන වගඋත්තරකරුවා වන්නේ.ජනතාව තමන්ගේ ඡන්දයේ නියම වටිනාකම ගන්න ඕනේ හරි පුද්ගලයින් පාර්ලිමේන්තුවට එවලා.ඒ වගේ දුරාචාර වලට යොමු වෙලා ඉන්න අය පාර්ලිමේතුවට එවනවා නම් ඒවායේ ආදීන වලට මුහුණ දෙන්න වෙන්නෙත් ජනතාවටම තමයි. අපිට ගණු – දෙණු නැහැ කාත් එක්කවත්.ජනාධිපතිවරයෙන් මම ජය ගත්තා. නමුත් ඒක කොල්ල කෑවා.එදා ජයග්‍රහනය මට දුන්නා නම් රට මීට වඩා වෙනස් වෙන්න තිබුණා.දේශපාලනයේදී වුනත් කිසියම් කෙනෙක් වරදක් කරනවා නම් අපිට බය නැතිව කථා කරන්නත් පුළුවන්.ඒ අයට එරෙහිව ක්‍රියා කරන්නත් පුළුවන්.නීතිය කෙලින් ක්‍රියාත්මක වෙන්න දෙනවා නම් ඔය වාගේ දේවල් නවතිනවා.අදත් මේ රටේ තියන ගැටළුව ඕක තමයි."
COMMENTS