අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගියෙකු මියගොස් තවත් මගින් හත්දෙනෙකුට පමණ තුවල් සිදුවී තිබේ . මෙසේ ...
අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගියෙකු මියගොස් තවත් මගින් හත්දෙනෙකුට පමණ තුවල් සිදුවී තිබේ .
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට කතරගම දක්වා ගමන්ගත් පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් වන අතර අම්බලන්තොට නෝනාගම වැව අසල වංගුවේදී රියදුරුට රිය පාලනය කර ගත නොහැකි වීම නිසා බස්රථය දුරකථන කණු කීපයකම ගැටී නෝනාගම වැවට පෙරලීමෙන් මෙම අනතුර සිදුවී තිබේ .
අනතුරට හේතුව බස්රථයේ අධික වේගය බව රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හුංගම පොලිසිය පවසා සිටි අතර අනතුරුන් පසු බස් රථයේ රියදුරු හා කොන්දොස්තර වරයා පස ගොස් තිබේ .
අනතුරින් මිය ගොස් ඇත්තේ අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වේ අනතුරින් බස් රථයට ද දැඩි හානි සිදුවී තිබේ රිය අනතුර සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත් වනු ලැබේ.
(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට)
COMMENTS