මහා පරිමාන වංචා, දූෂණ පිළිබඳව සෙවීමට රජය අලුතින් ස්ථාපිත කළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා නම්කර ඇති විනිසුරුවන් ඒ අධිකරණය සඳහාම විශේෂ...
මහා පරිමාන වංචා, දූෂණ පිළිබඳව සෙවීමට රජය අලුතින් ස්ථාපිත කළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා නම්කර ඇති විනිසුරුවන් ඒ අධිකරණය සඳහාම විශේෂයෙන් අනුයුක්ත කර නොමැති නිසා, සාමාන්‍ය අධිකරණ කටයුතුවල නිරතවන අතරතුරම විශේෂ අධිකරණයේද කටයුතු කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
මේ අධිකරණයේ නඩු දිනපතා විභාග කිරීමට මේවන විට තීන්දු කර ඇති බැවින් ඔවුන් තවත් අපහසුතාවයට පත්ව ඇතැයිද පැවසේ.
සම්පත් අබේකෝන් (සභාපති), චම්පා ජානකී රාජරත්න, හා සම්පත් විජයරත්න විශෙෂ අධිකරණයේ විනිසුරුවෝ වෙති.
එහි පළමු නඩුව ලෙස විභාගවීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු හතර දෙනෙකුට එරෙහි චෝදනාවකි.
පසුගිය රජය සමයේ ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී, සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එම විත්තිකරුවන් සිවුදෙනාට මේමස 24 වැනිදා චෝදනා පත්‍ර භාරදීමට නියමිතය.
මේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 64 දෙනෙකු සිටින අතර නඩු ලේඛන 22ක් ඇති බවද වාර්තා වේ.
(රාවය)
COMMENTS