ලිට්ට්‍රෝ ගෑස් සමාගමට මුදල් සැපයීමේ දී මුල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළව පැමිණිල්ල විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) කැඳවනු ලැ...
ලිට්ට්‍රෝ ගෑස් සමාගමට මුදල් සැපයීමේ දී මුල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළව පැමිණිල්ල විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදෙනු ලැබීය.
එම අධිචෝදනා පත්‍ර බාර දීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇප මත මුදා හැරීමට ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගමන් තහනම් කළේය.
මෙලෙස නියම කරන ලද්දේ මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් නඩු විමසිමට පත්කරන ලද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන්,සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලය.
COMMENTS