ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල ආසන්යේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මේ වන විට 25 දෙනෙකු පමණ රෝහල්ගත කොට තිබේ. අද(06) ...
ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල ආසන්යේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මේ වන විට 25 දෙනෙකු පමණ රෝහල්ගත කොට තිබේ.
අද(06) පස්වරු 06.30ට පමණ පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම දුම්රිය අනතුර සිදුව තිබේ.
තුවාල ලැබුවන් 20 දෙනෙකු පමණ පොල්ලහවෙල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.
කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් නතර වී ඇති අතර පස්වරු 4.50ට කොළඹ සිට රඹුක්කන බලා ධාවන වූ දුම්රියක් නවතා තිබූ දුම්රියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුර හේතුවෙන් මේ වන විට එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා ඇතිව තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
වීඩියෝව පහතින්,
වීඩියෝ - දෙරණ
COMMENTS