යාපනය ප්‍රදේශයේ පසුගිය දින කාලයේ සිදුවු පුද්ගල කපාදැමීම්, නිවාස වෙත පහරදීම්, පුද්ගලයින් වෙත තර්ජනය කිරීම් ආදි සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලය...
යාපනය ප්‍රදේශයේ පසුගිය දින කාලයේ සිදුවු පුද්ගල කපාදැමීම්, නිවාස වෙත පහරදීම්, පුද්ගලයින් වෙත තර්ජනය කිරීම් ආදි සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් 22 දෙනෙකු ගෙවුනු දින කිහිපය තුලදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පැවසීය.
යාපනය,කෝපායි,චුන්නාකම් හා මානිප්පායි ප්‍රදේශවලදී සිදුකළ වැටලීම්වලදි අදාළ සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණ.
සැකකරුවන් පසුගිය දිනයන්හි යාපනය,මානිප්පායි, කෝපායි, චුන්නාකම් ප්‍රදේශවල නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකොට පුද්ගලයින් තර්ජනය කොට තිබු අතරම පුද්ගල පහරදීම්ද සිදු කල බවට අනාවරණය වී ඇතයිද පොලීසිය පැවසීය.
යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග යටතේ යාපනය, කෝපායි, චුන්නාකම් හා මානිප්පායි පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට පොලිස් නිළධාරීන් විශේෂ පරීක්ෂා කිරීම් මේ වන විට සිදුකරමින් පවතින බවද යාපනය පොලිස් නිලධාරීන් පැවසූහ.
යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය, දනුරොක් කල්ලිය, වික්ටර් කල්ලිය වැනි කල්ලි කිහිපයක සාමාජිකයින් විසින් පසුගිය සමය පුරාම විවිධ නීති විරෝධි ක්‍රියා කරමින් කප්පම් ගැනීම් සිදුකොට තිබෙන බවට යාපනය ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS