රුපියල් ලක්ෂ 03 ක ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප හතරක් මත නියෝජ්‍ය පොලිස්පතිවරයා නිදහස් කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්...
රුපියල් ලක්ෂ 03 ක ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප හතරක් මත නියෝජ්‍ය පොලිස්පතිවරයා නිදහස් කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාස් මහතා නියෝග කළේය. ලලිත් ජයසිංහ මහතාට විදෙස්ගතවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම පළමු සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.
2015 වසරේදී සිදු වූ විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් පොලිස් අත්අඩංගුවෙන් මුදවාගෙන ඔහුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල විය.
මෙම නඩුව දෙසැම්බර් 05 වැනිදා දක්වා කල් තබා තිබේ.
COMMENTS