දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොමර්ෂල් බැංකුව 2018 වසරේ ලංකාවේ හොඳම බැංකුව ලෙස යුරෝමනී සම්මානය ලබයි.
Homeගොසිප්

කොමර්ෂල් බැංකුව 2018 වසරේ ලංකාවේ හොඳම බැංකුව ලෙස යුරෝමනී සම්මානය ලබයි.

PropellerAds

ලෝකයේ ප‍්‍රමුඛතම මූල්‍ය සඟරාවක් වන යුරෝමනී විසින් පසුගියදා හොංකොංහි පැවැත්වූ විශිෂ්ටත්වය වෙනුවෙන් ලබාදෙන ආසියානු සම්මාන ප‍්‍රදානයේදී 201...

චිලී තිලංක පොලිස් අත්අඩංගුවට
නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවසේ හොල්මනකට නලින් අහුවෙලා
ඇඹිලිපිටිය සුමිත්ගේ බිරියට තාමත් කරදර - උදව්වට අගමැති මැදිහත්වේ


ලෝකයේ ප‍්‍රමුඛතම මූල්‍ය සඟරාවක් වන යුරෝමනී විසින් පසුගියදා හොංකොංහි පැවැත්වූ විශිෂ්ටත්වය වෙනුවෙන් ලබාදෙන ආසියානු සම්මාන ප‍්‍රදානයේදී 2018 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව සම්මානයට පාත‍්‍රකර ඇත.

මෙම ගෞරවණීය සම්මානයෙන් කොමර්ෂල් බැංකුව මෙවර පිදුම් ලබා තිබෙන්නේ පස්වන වතාවටයි. මෙම සම්මානය ලබාදෙන්නේ යුරෝමනී සඟරාවේ කර්තෘවරුන්, ජනමාධ්‍යවේදීන් සහ සමීක්ෂණ කණ්ඩායම විසින් කලාපයේ බැංකුකරණය සහ ප‍්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳව වසර පුරා සිදුකරන පුළුල් සමීක්ෂණය සහ වෙළඳපොළ සාමාජිකයින්ගේ සවිස්තරාත්මක තොරතුරු පාදක කර ගනිමිනි.

යුරෝමනී සඟරාවට අනුව ආසියානු සම්මාන උළෙලේ සම්මානයන් සැලකෙන්නේ කලාපයේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සමාගම් සඳහා මිනුම් ලකුණක් ලෙසිනිග විවිධ වෙළඳපොළවල් සහ වාණිජ අංශ සිය වෙළඳ කටයුතුවලදී මෙය විශාල වශයෙන් භාවිතා කරයි.

යුරෝමනී ඇගයීම මගින් ආසියාවේ, මැදපෙරදිග, යුරෝපය, අප‍්‍රිකාව, උතුරු සහ ලතින් ඇමරිකාව, කැරිබියානු, නෝඩික් සහ බෝල්ටික් කළාපවල සියළුම ප‍්‍රධාන පෙළේ රටවල බැංකු ආවරණය වේ. නායකත්වය, නවෝත්පාදනය සහ සිය වෙළඳපොළ ගම්‍යතාවය පෙන්වූ ආයතන යුරෝමනී ගෞරවාදරයට පාත‍්‍රවන අතර ආසියානු කළාපයේ හොඳම බැංකු සහ සුරැුකුම් ආයතන සඳහා සම්මාන ගණනාවක් යුරෝමනී විසින් ලබාදෙයි.

මෙම සම්මානය ලබාදීම සඳහා ඇගයීමට ලක්කරන ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ක‍්‍රමවේදය සඳහා වෙළඳපොළ තත්ත්වය, ව්‍යාපාරික ගනුදෙනුවල ප‍්‍රමාණය, නව නිෂ්පාදන බිහි කිරීම, කළමනාකරණ පද්ධතිය, ණය ශ්‍රේණිය, කාර්යක්ෂමතා අනුපාතය සහ වාර්ෂික ප‍්‍රධාන කාර්ය සාධන දර්ශක වැනි කරුණු අදාළ කරගනී.

2018 ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුවට හිමිවූ මෙම සම්මානය බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක, එස්. රෙන්ගනාදන් මහතා වෙත හොංකො හි, අයිලන්ඞ් ෂැන්ග‍්‍රි ලා හෝටලයේ පැවති විචිත‍්‍රවත් සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පසුගියදා ලබාදෙන ලදී. විශිෂ්ටත්වය වෙනුවෙන් ලබාදෙන 2018 යුරෝමනි ආසියා සම්මාන ප‍්‍රදානෝත්වය සඳහා ආසියාවේ බැංකු අංශය සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ නියෝජනය කරන ප‍්‍රමුඛ වෘත්තිකයින් සහභාගී වී තිබුණි.
ඒෂියා බෑන්කිං ඇන්ඞ් ෆයිනෑන්ස් වෙතින් දිනාගත් ජාත්‍යන්තර සම්මාන හතරත්ල ෆයිනෑන්ස්ඒෂියා විසින් දිනාගත් ජාත්‍යන්තර සම්මානයත් පිට පිටම අටවන වතාවටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට තේරී පත්වූ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව බවට පසුගියදා කොමර්ෂල් බැංකුව පත්වීමත් සමගින් බැංකුව විසින් දිනාගත් මෙම නවතම සම්මානය බැංකුවේ අගය තවදුරටත් වැඩිකර දීමට සමත්ව ඇත.

කොමර්ෂල් බැංකුව 2017 මූල්‍ය වසර අවසන් වනවිට රුපියල් ටි‍්‍රලියන 1.143 ක සමස්ත වත්කම් ප‍්‍රමාණයකට හිමිකම් කියන අතර දළ ආදායම රුපියල් බිලියන 115.6 කි. මීට අමතරව, රුපියල් බිලියන 16.5 ක ශුද්ධ ලාභයක් බැංකුව මෙම කාලයේදී වාර්තා කර තිබෙන අතර තැන්පතු පදනම රුපියල් බිලියන 850.1 ක්ද, සමස්ත ණය සහ ලැබීම් රුපියල් බිලියන 754.7 ක්ද වී ඇත. 2017 වසරේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් වාණිජමය කෘෂිකාර්මික කටයුතු, කිරි නිෂ්පාදන ආශ‍්‍රිත කර්මාන්ත, ගොවිපල වගා කටයුතු හා කර්මාන්ත කටයුතු සඳහා රුපියල් බිලියන 131.8 ක ණය ලබාදී තිබෙන අතර රජයට බදු වශයෙන් රුපියල් බිලියන 11.5 ක මුදලක් බැංකුව විසින් ලබාදී ඇත. මීට අමතරව, 2017 වසරේදී මෙරට ආනයන වලින් 10.56% කට සහ අපනයන වලින් 18.58% කට පහසුකම් සැලසීමටද කොමර්ෂල් බැංකුව සමත්වී ඇත. එසේම, ආසියාව තුළ වැඩිම ව්‍යාපාරික කටයුතු ප‍්‍රමාණයක් සිදුකරන ශ‍්‍රී ලාංකේය බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි.

මේ අතර, ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාත සැලකූවිට බැංකුවේ පළමු පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය (ප‍්‍රාග්ධන ආරක්ෂාවන් සමග& 12.11% ක් ලෙස පවතින අතර මේ සඳහා බාසල් 03 නියාමන අවශ්‍යතාවය වන්නේ 7.75% ක් පමණි. එසේම, සමස්ත ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 15.75% ක් ලෙස පවතින අතර එය බාසල් 03 මාර්ගෝපදේශ යටතේ පැවතිය යුතු අවම ව්‍යවස්ථාපිත නියාමන අවශ්‍යතාවය වන 11.75% වඩා ඉහළින් පැවතීම කැපී පෙනේ.

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස තෝරාගැනීම සඳහා බැංකුව විසින් ව්‍යවසායකයින්ට එක්වීම සඳහා නිර්මාණය කළ Biz Club වැඩසටහන, නගර වලින් පිටත ජීවත්වන ගනුදෙනුකරුවන්ට මූලික බැංකු පහසුකම් ලබාදීම සඳහා නිර්මාණය කළ Bank on Wheels වැඩසටහන, ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට සහයෝගය ලබාදීම සඳහා නිර්මාණය කළ ‘දිවිසරු’ විශේෂ ඉතිරිකිරීමේ ගිණුම, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යාපාර සහ කෘෂි කර්මාන්තය පිළිබඳව දැනුවත් කිරීම, ණය ලබාදීම, ලබාදුන් ණය නැවත ගෙවීම පිළිබඳව දැනුවත් කිරීම් වෙනුවෙන් නිළධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විතව ග‍්‍රාමීය ප‍්‍රදේශවල ආරම්භ කර තිබෙන බැංකුවේ කෘෂි සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක 16 ක කාර්යභාරය, අන්තර්ජාලය ඔස්සේ ලබාදෙන පුද්ගලික ණය අයදුම් පහසුකම, දෙමුහුන් ලීසිං පහසුකම, මෙරට තිබෙන Chip & PIN තාක්ෂණයෙන් යුත් ප‍්‍රමුඛතම ඩෙබිට් කාඞ්පත, Loan on FD පහසුකම සහ බැංකුව විසින් ලබාදෙන අනිකුත් නව බැංකු සේවා සැලකිල්ලට ගෙන තිබේ.

බැංකුවේ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතීන්හි ප‍්‍රධාන අංගයක් වන තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය ලබාදීම යටතේ අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 175 ක් ඉදිකර තිබෙන අතර ඒ තුළින් සිසු දරුවන් 200,000 ක් පමණ මේ වනවිට ප‍්‍රතිලාභ ලබයි. මීට අමතරව, බස්නාහිර පළාතේ පාසැල් 65 ක ස්මාර්ට් ස්කූල් වැඩසටහන් සඳහා බැංකුව විසින් සහයෝගය ලබාදී තිබෙන අතර රජයේ රෝහල් 65 කට වැඩි ප‍්‍රමාණයකට යටිතල පහසුකම් සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ප‍්‍රදානය කර තිබේ. මීට අමතරව, මෙම සම්මානය සඳහා බැංකුව තෝරා ගැනීමට බැංකුව විසින් සිදුකරන අනිකුත් සමාජ සත්කාරක වැඩසටහන්ද සැලකිල්ලට ගෙන ඇත.

1969 වසරේදී සර් පැටි‍්‍රක් සර්ජන්ට් මහතා විසින් ආරම්භ කළ යුරෝමනි සඟරාව රටවල් 100 කට වැඩි ප‍්‍රමාණයක සිටින ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය ප‍්‍රතිපත්ති තීරකයින් 140,000 ක පමණ ප‍්‍රමාණයක් පරිශීලනය කරයි. මේ අනුව, මෙය මූල්‍ය ලෝකයේ ප‍්‍රමුඛතම සඟරාවක් වේ.

කොමර්ෂල් බැංකුව සතුව මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 775 ක් සහ බැංකු ශාඛා 261 ක් පවතී. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මානයට පාත‍්‍රකර තිබේ.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ පවත්වාගෙන යයි.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක, එස්. රෙන්ගනාදන් මහතා (මැද) යූරෝමනී සම්මානය සමග

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොමර්ෂල් බැංකුව 2018 වසරේ ලංකාවේ හොඳම බැංකුව ලෙස යුරෝමනී සම්මානය ලබයි.
කොමර්ෂල් බැංකුව 2018 වසරේ ලංකාවේ හොඳම බැංකුව ලෙස යුරෝමනී සම්මානය ලබයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVvDvZmZjhplb98fqGqob99ojS-wHLgKiaFmqus93fg3WljAayAL-ulqyEmYlBe-ew0XK4aUCjKujj0XIFte_Nm56TGTlctmgJQdD4J3jEcJHyZh3SWW7iE-hYe31FF_GcetPhlJ7JQR3j/s1600/Euromoney-2018-.jpg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVvDvZmZjhplb98fqGqob99ojS-wHLgKiaFmqus93fg3WljAayAL-ulqyEmYlBe-ew0XK4aUCjKujj0XIFte_Nm56TGTlctmgJQdD4J3jEcJHyZh3SWW7iE-hYe31FF_GcetPhlJ7JQR3j/s72-c/Euromoney-2018-.jpg.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/2018.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/2018.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy