ගම් වැසියෙකුට පහරදුන් සිද්ධියකට චිලී තිලංක පොලිස් අත්අඩංගුවට ප්‍රකට ගායන ශිල්පියෙකු හා නළුවෙකු වන චිලී තිලංක අද උදෑසන තලංගම පොලිසිය මගින...
ගම් වැසියෙකුට පහරදුන් සිද්ධියකට
චිලී තිලංක පොලිස් අත්අඩංගුවට
ප්‍රකට ගායන ශිල්පියෙකු හා නළුවෙකු වන චිලී තිලංක අද උදෑසන තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එයට හේතුවූයේ ඔහු ගම්වැසියෙකුට සිදු කළ පහරදීමකි.
පසුගියදා බත්තරමුල්ල පැලවත්ත විජිතපුර ප්‍රදේශයේ අතුරු මාර්ගයක නිවසක පුණ්‍ය කටයුත්තක් හේතුවෙන් වාහන අවහිරවීම් පැවති අවස්ථාවක චිලී සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී
වාහනය හිරවීම නිසා ඒ ආසන්නයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට
ඉඩ ලබා දෙන්න යයි චිලී පවසා පසුව ඔහු සැපයූ ඉඩ ප්‍රමාණවත් නොවී දෙදෙනා අතර ඇතිවූ කථාබහකින් පසුව ගැටුමක් ඇතිව තිබුනි.
සිද්ධිය සම්බන්දයෙන් 57 හැවිරිදි පහරකෑ පුද්ගලයා තලංගම රෝහලේ සිට පැවසුවේ මෙසේය.
“මට හෝන් ගැහුවාම කිව්වා අයින්වෙන්න තැනක් නෑනේද කියල.එහෙම කිව්ව විතරයි උස හාදයෙක් වාහනයෙන් බැහැල ඇවිත් මට දිගටම පයින් ගහගෙන ගහගෙන ගියා.මට පළවෙනි දෙවැනි පාරට පස්සෙ මතක නෑ. පස්සෙ බණ ගෙදර කට්ටිය ඇවිත් බේර ගත්තා. මිනිහ පැනල ගියා. ආරංචි වුණා ඒ චිලී කියල නළුවෙක් බව.තොල මැද්දෙ මැහුම් දෙකක් දැම්මා හක්ක තුවාල වුණා. කොන්දත් තුවාල වුණා“
සිද්ධියෙන් පසු දින දෙකක් පමණ තිස්සේ අතුරුදන්ව සිටි චිලී තිලංක අද පෙරවරුවේ තලංගම පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් පසු අත්අඩංගුවට පත්විය.
සිද්ධිය සම්බන්ධයෙන් චිලී තිලංක අද අධිකරණයට හමුවට ඉදිරිපත් කරන්නට ද නියමිතය.
සිද්ධිය සම්බන්ධ වීඩියෝ වාර්තාවක් පහතින්

COMMENTS