ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට ගුවන් යානයක් පැමිණෙන තුරු පැය එකාහාමාරක කාලයක් බලා සිටීමට ...
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට ගුවන් යානයක් පැමිණෙන තුරු පැය එකාහාමාරක කාලයක් බලා සිටීමට නොහැකිවීම නිසා මැලේසියාවේ සිට ලංකාවට පැමිණෙමින් තිබු ගුවන් යානය ආපසු හරවා සිංගප්පුරූවට යැවීම නිසා සමාගමට අධික වියදමක් දැරීමට සිදුවු බව ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ හෙළි විය.
වැදගත් රාජ්‍ය නියෝජිතයින් පිරිසක් ලංකාවට පැමිණීම සඳහා සිටින බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා පැවසු අසත්‍ය කරුණුවලට රැවටීම නිසා මැලේසියාවේ සිට ලංකාවට පැමිණෙමින් තිබු ගුවන් යානය ආපසු හරවා සිංගප්පුරූවට යැවීමට කටයුතු කිරීම නිසා මෙලෙස අධික වියදමක් දැරීමට සිදුවු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පාලක කළමණාකාර ඉන්ද්‍රජිත් රණසිංහ මහතා විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ හෙළි කළේය.
ගුවන් ගතවී පැමිණෙමින් තිබු ගුවන් යානයක් ආපසු හරවා වෙනත් ගුවන් තොටුපළකට යැවීමේ මෙම සිද්ධිය වැනි සිද්ධියක් කිසිම දිනෙක සිදුවී නොමැති බවද 2014 ජනවාරී මස 14 වැනිදා මෙම සිද්ධිය සිදුවු බවද ඉන්ද්‍රජිත් රණසිංහ මහතා විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් වැඩිදුරටත් හෙළි කළේය.
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාගය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විය.
COMMENTS