දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය අඩපණ වෙයි! ඉදිකිරිම් සමාගම්වලට මිලියන 18,000ක පොල්ලක්
Homeප්‍රවෘත්ති

‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය අඩපණ වෙයි! ඉදිකිරිම් සමාගම්වලට මිලියන 18,000ක පොල්ලක්

PropellerAds

‘ළඟම පාසල හොඳම පාසල‘ වැඩසටහන අනුව ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ පාසල් 200 කට අධික ප්‍රමාණයක් අලුත්වැඩියා කිරිමට ආරම්භ කළද අදාළ ඉදිකිරිම් සමාගම්...

ආවා නායක 'සන්නා' සොයා මෙහෙයුමක්
සරත් වීරවංශට ඇප
දුර්ලභ පක්ෂියෙකු තිඹිරිගස්යායෙන් හමුවෙයි (PHOTOS)
‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය අඩපණ වෙයි! ඉදිකිරිම් සමාගම්වලට මිලියන 18,000ක පොල්ලක්

‘ළඟම පාසල හොඳම පාසල‘ වැඩසටහන අනුව ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ පාසල් 200 කට අධික ප්‍රමාණයක් අලුත්වැඩියා කිරිමට ආරම්භ කළද අදාළ ඉදිකිරිම් සමාගම්වලට රුපියල් මිලියන 18,000 ක මුදලක් නොගෙවීම නිසා එම ව්‍යාපෘතිය අවුල් වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඇතැම් පාසල් ගොඩනැගිලි කඩා අලුතින් ඉදිකිරිම් ඇරඹුව ද මුදල් ප්‍රශ්න නිසා එවැනි ඉදිකිරිම් වලින් තුනෙන් දෙකක්ම නතර වී ඇතැයි වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් 'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහනේ ජාතික සමාරම්භක උත්සවය 2016 වසරේ ජුනි මස 15 වනදා කලුතර, බණ්ඩාරගම විද්‍යාලෝක කණිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි.

‘ළඟම පාසල හොඳම‘ පාසල වැඩසටහන සඳහා පාසල් තෝරාගැනීම ප‍්‍රධාන ව්‍යාපෘති 4ක් මගින් සිදු කෙරුණු අතර හඳුනාගත් ක්ෂේත‍්‍ර තුනක් යටතේ මෙම පාසල් සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබිණි. ඒ අනුව, සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ම නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 600ක්, මෑත කාලීන සංවර්ධන වැඩසටහන් සඳහා ඇතුළත් නොවූ උසස් පෙළ පන්ති සහිත පාසල් 1200ක්, ද්විතියික පාසල් සංවර්ධන වැඩසටහනට අයත් වූ පාසල් 776ක්, ප‍්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යෘපෘතිය යටතේ පාසල් 3577ක් මේ යටතේ සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබිණි.

එක් එක් පාසල්වල අවශ්‍යතා හඳුනාගනිමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන අතර, ඉදිකිරීම් සහ අලුත්වැඩියා කිරීම්, මානව සම්පත් සංවර්ධනය, භාණ්ඩ සහ උපකරණ සැපයීම යන අංශ යටතේ සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කර තිබේ.

අයවැයෙන් අධ්‍යාපනයට ලොකු මුදලක්

මේ අතර එම වැඩසටහනට සහභාගී වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පාසල් පද්ධතිය තුළ සිදු කළ යුතු වෙනස්කම්, පවත්නා අඩුපාඩු සහ වැරදුණු තැන් තමා විපක්ෂයේ සිටි කාලයේ පටන් හඳුනාගෙන සිටි බවත්, ඒ අනුව වැරදි ඇති තැන් නිවැරදි කරමින්, සිදු කළ යුතු වෙනස් කම් ඉටු කරන්නට සෑම විටම කටයුතු කරන බවත්ය.

අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කරන මුදල ඉහළ නංවාගනිමින් ඒ සඳහා අවශ්‍ය පසුබිම ගොඩනගාගන්නට හැකි වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන පරිදි අවශ්‍ය මුදල් රජයෙන් වෙන් කර තිබියදී අදාළ ඉදිකිරිම් සමාගම්වලට රුපියල් මිලියන 18,000 ක මුදලක් නොගෙවීම නිසා එම ව්‍යාපෘතිය අවුල් වී තිබීම පුදුම සහගත කරුණකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය අඩපණ වෙයි! ඉදිකිරිම් සමාගම්වලට මිලියන 18,000ක පොල්ලක්
‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය අඩපණ වෙයි! ඉදිකිරිම් සමාගම්වලට මිලියන 18,000ක පොල්ලක්
http://am.lk/media/k2/items/cache/3c05f057c069fb9bdfdcd2fac00b2b4e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/18000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/18000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy