වසර හැටකට පෙර ආරම්භ කරන ලද ලංකා ගමනාගමන මණ්ඩලය වර්තමානයේ දිනකට රුපියල් කෝටි 10ක පමණ ආදායමක් උපයන බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පැව...
වසර හැටකට පෙර ආරම්භ කරන ලද ලංකා ගමනාගමන මණ්ඩලය වර්තමානයේ දිනකට රුපියල් කෝටි 10ක පමණ ආදායමක් උපයන බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය.
2017 වසරේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 1,618ක් වූ බවත්, 2018 වසරේදී එය රුපියල් මිලියන 2,000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙම ආදායම් ඉපයීම සඳහා බස්රථ 6,100ක් යොදා රියදුරු, කොන්දොස්තර, ලිපිකරු, කාර්මිකයන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළුව සේවකයන් 30,463කගේ සේවය ලබා ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
දිවයින පුරා පිහිටි ප්‍රධාන ඩිපෝ 107ක් හා උපඩිපෝ 13ක් මගින් මගී ප්‍රවාහන සේවය ලබා දෙන බවත්, මෙම ඩිපෝවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් ලාභ ලබන ආයතන බවට පත්ව ඇති බවත් රමාල් සිරිවර්ධන මහතා පෙන්වා දෙයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී හෙතෙම මේ බව කියා සිටියේය.
ලංගම සේවකයින්ට වැටුප් වර්ධකයක්
ලංගම සේවකයින්ට වැටුප් වර්ධකයක් ලබාදීමට ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත.
ලංගමය ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට ක්‍රියාකළ අයට වැටුප් වැඩිකළ යුතු බවත් ඊට අදාල යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට අමතරව මෙම වසර අවසානයේදී සේවකයින්ට රුපියල් 10,000ක් ප්‍රසාද දීමනා (බෝනස්) ලබා දීම කෙරෙහිද ලංගමයේ අවධානය යොමුව ඇත.
COMMENTS