දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අකලංක ගනේගමගේ ප‍්‍රසිද්ධියට සචිනි අඬපු කතාව
Homeගොසිප්

අකලංක ගනේගමගේ ප‍්‍රසිද්ධියට සචිනි අඬපු කතාව

PropellerAds

ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු හා නළුවෙකු වන අකලංත ගනේගම පසුගියදා විවාහ වුණා. තරමක් වෙනස් මුහුණුවරක් ගත් එම විවාහයේ පූර්ව ඡායාරූප පෙළ සිදුකර තිබ...


ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු හා නළුවෙකු වන අකලංත ගනේගම පසුගියදා විවාහ වුණා. තරමක් වෙනස් මුහුණුවරක් ගත් එම විවාහයේ පූර්ව ඡායාරූප පෙළ සිදුකර තිබුනේ පිටකොටුවේදී. පසුව මංගල සාදය මීගමුවේ වෙරළ හෝටලයක සිදු කර තිබුණා.

අකලංක විවාහවූයේ සවිනි සමගයි.
ඔහු විවාහය ගැන මෙසේ කියා ඇත.
 ‘මීට අවුරුදු දෙකකට පෙර තමයි, මම විවාහ ගිවිස ගත්තේ. ඒ වෙලාවේ මම කිව්වා අනිවාර්යයෙන්ම 2016 අගෝස්තු මාසයේ විවාහ උත්සවය ගන්නවා කියලා.

රූපවාහිනි වැඩසටහන්වලදී පවා මම ඔය කතාව කිව්වා.
ඇය පදිංචිවෙලා ඉන්නේ ප‍්‍රංශයේ. ඉපදුණේ ප‍්‍රංශයේ. ඇය නැවතත් විවාහ උත්සවයෙන් පසුව ප‍්‍රංශය බලා පිටත්වෙනවා.
ඇය සචිනි එයා විද්‍යාඥවරියක් වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙලයි ඉන්නේ.

ඇයව මුලින්ම මම දුටුවේ ගාලූමුවදොර පිටියේදී. මගේ මිතුරියගේ මාර්ගයෙන් තමයි ඇයව මට හමුවුණේ. මුල්ම දවසේ ඇය මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. මාත් ඇයව වැඩිය ගණන් ගත්තේ නැහැ.පස්සේ කාලයක අපි හොඳ යාළුවෝ වුණා. මම තමයි මුලින්ම ඇයට ආදර යෝජනාව ගෙනආවේ. එක්වරම කැමතිවුනේ නෑ. අපි හොඳ යාළුවෝ විදිහට හිටියේ. ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි මට ආදරය ප‍්‍රකාශ කළේ.
කැමැත්ත දෙන්න අවුරුදු එකහමාරක් විතර කාලයක් ගතවුණා. එතකං අපි හොඳ යාළුවෝ විදිහට තමයි හිටියේ. හැබැයි ඇය දන්නවා මම ඇයට ආදරෙයි කියලා.

සචිනි පොළවේ පයගහලා ජීවත්වන ඉතාම සරල තරුණියක්.
මං ජනප‍්‍රිය චරිතයක් කියල ඇය දැනසිටියේ නැහැ. ඇය මට ආදරෙයි කියද්දීවත් දැනගෙන හිටියේ නැහැ.අපි හොඳ මිතුරන් වෙලා ඉන්න කාලේදීවත් ඇය මගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ඇයව දන්නෙත් ලංකාවේ කිහිපදෙනෙක් විතරයි.

ඇය අධ්‍යාපන කටයුතු අවසන් කරලා ලංකාවට ආවට පස්සේ තමයි මට ආදරෙයි කිව්වේ. ඊට පස්සේ දෙපැත්තේම ගෙවල්වලින් අපේ ආදර කතාවට කැමැත්ත ප‍්‍රකාශ කළා. ඊට පසුව ඇය මගෙත් එක්ක සමාජයට ගියහම පසුවයි දැනගත්තේ මම ජනප‍්‍රිය චරිතයක් කියලා. එතකොට ඇඬුවා. ඇයි මට මුලින් කිව්වේ නැත්තේ කියලා. ඒ කතාව දැනගත්තාට පසුව ඇය මගෙත් එක්ක විවාහ වෙන්න පවා බයවුණා. මම ජනප‍්‍රිය චරිතයක් හින්දා ඇයට මාව අහිමිවෙයි කියලා හිතුවා. මොකද ඇය හරිම සරල චරිතයක්.
සැප්තැම්බර් මාසයේ ප‍්‍රංශය බලා අපි දෙන්නාම පිටත්වෙනවා.

ඉදිරියට හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා. ගොඩක් වෙලාවට චිත‍්‍රපට තමයි භාරගන්නේ. මම රටවල් දෙකක ප‍්‍රාන්තවලට ක‍්‍රීඩා කරනවා. ඊට අමතරව ලංකාවේ අන්තර් පළාත් ක‍්‍රීඩාකරන්නත් එනවා.  මට රියලිටි වැඩසටහනකට ආරාධනාවකුත් ලැබුණා.
මට ඇය ගැන ලොකු වෙනසක් දැනුණා. අදටත් ඇය මගේ බිරිඳ වුණාට මගේ හොඳම මිතුරිය. මම ගත්ත තීරණය හරි කියල හිතෙනවා.’

තොරතුරු- යුගන්ති යශෝධරා (දිවයින) Akalanka Ganegama's Wedding Day at Negombo
http://ift.tt/2bmvEqO

Pix By -Suren Abeysundara, Groom's out fit- Imitiyaz ,Car & cake box -Younma Bandara ,Flowers - Petals (Hasantha) , Bride Dress - Kiran de Zoysa
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අකලංක ගනේගමගේ ප‍්‍රසිද්ධියට සචිනි අඬපු කතාව
අකලංක ගනේගමගේ ප‍්‍රසිද්ධියට සචිනි අඬපු කතාව
http://ift.tt/2c181o0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_240.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_240.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy