දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහාචාර්ය සුනිල් ආරියරත්න නිදන් හෑරිල්ලකට අහුවෙලා
Homeගොසිප්

මහාචාර්ය සුනිල් ආරියරත්න නිදන් හෑරිල්ලකට අහුවෙලා

PropellerAds

මහාචාර්ය සුනිල් ආරියරත්න පිළිකුත්තුව රජමහා විහාරයේ ෆිල්ම් ෂූට් කරන්න ගිහින් නිදන් හෑරිල්ලකට අහුවෙලා ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාර...

රනිල් වෙනුවෙන් එජාපයම එක්වෙයි : රංගේ බණ්ඩාරත් විශ්වාසභංගයට එරෙහිවයි.
ඡන්දය දීමෙන් වළකින බව රතන හිමියෝ කියති.
'හෙට අකිල විරාජ් මහ ලේකම්, සාගල රත්නායක නියෝජ්‍ය නායක' - මහින්දානන්ද

මහාචාර්ය සුනිල් ආරියරත්න
පිළිකුත්තුව රජමහා විහාරයේ

ෆිල්ම් ෂූට් කරන්න ගිහින්
නිදන් හෑරිල්ලකට අහුවෙලා



ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරයේ පසුගියදා සිය නවතම චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා ගිය මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු පිරිස එම විහාර භූමියේ ඊට ටික දිනකට පෙර සිදුවූ බවට සැක කෙරෙන නිදන් හැරීමේ සිද්ධියට පටලැවී ඇති බවට
තොරතුරු වාර්තා වෙනවා.
’පිළිකුත්තුව රජමහා විහාරයේ ගල්ලෙනක නිදන් ගන්න අඩි 8ක වළක් හාරලා‘ යනුවෙන් ප‍්‍රකට ජාතික පුවත්පතක පළවූ ලිපියක සඳහන් කර තිබී ඇත්තේ එම චිත‍්‍රපටයේ අවශ්‍යතාවයකට විහාර භූමියේ හාරන ලද වළ සහ නිදන් සොරුන් හාරන ලද වළ එකක් බවයි. ඒ නිසා නිදන් හැරීමේ සිද්ධියට මහාචාර්ය වරයා ඇතුළු පිරිස සම්බන්ධ බවටය.
මහාචාර්ය සුනිල් ආරියරත්න ඒ ගැන මෙසේ කියා ඇත.
‘ අපි පසුගිය 12 වැනිදා සිට 20 වැනිදා දක්වා රූගතකිරීම් සිදුකළා. එහෙත් ඒ සියලූ කටයුතු සිදුකළේ නීත්‍යනුකූලවයි. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපි අවසර ගත්තා. පිළිකුත්තුව රජමහා විහාරයේ නායක හිමියන්ද මේ සම්බන්ධ දැනුවත් කළා. ඒ අවසරය පිට තමයි අපි රූගතකිරීම් සිදුකළේ.
අපි චිත‍්‍රපටය රූගත කිරීම් සඳහා තාවකාලිකව කුඩා ගෙපැලක් නිර්මාණය කළා. ඒකට පස් ගන්න වළක් කැපුවා. ඒක අපි පිළිගන්නව. අපි ඒ වළ ඒ ගත්ත පස්වලින්ම ගොඩකළා. අද එතැන වළක් තිබුණද කියලවත් සොයාගන්න බෑ. ෆයිබර් යොදාගෙන කළුගලක් සහ ගල් පඩිපෙළක් නිර්මාණය කළා. අපි ෆයිබර්වලින් නිර්මාණය කළ සියලූම නිර්මාණත් ගෙපැලත් තිබූ තැනක් නොපෙනෙන ලෙසට ඉවත් කළා.
පුවත්පතේ මුල් පිටුවේ පළ කරල තිබුණු පුවත ගැන පිළිකුත්තුව රජමහා විහාරයේ නාහිමියන් මට දුරකතනයෙන් කතා කරල කීවා. ඒ සිද්ධිය ඇහුවහම මම පුදුම වුණා.
මගේ නවතම චිත‍්‍රපටය සඳහා පසුගිය දින කීපයේදී අපි මේ පූජා භූමියේ රූගත කිරීම් සිදුකළා. ඒක ඇත්ත. එහෙත් මේ නිදන් හෑරිල්ලට නම් අපි සම්බන්ධ නෑ. මේ පුවත්පතේ සඳහන් පුවත බැලූවහම ඒ වගේ හැඟීමක් දෙනවා. අපේ අය කිසිවෙක් මේ සිද්ධියට සම්බන්ධ නෑ. අපේ අයත් මේ සිද්ධිය දැකල තිබුණා. එතැන ෆොටෝත් අරගත්ත. ඒ සිද්ධිය සිදුවෙලා ඇත්තේ මීට දින ගණනකට පෙර වෙන්න පුළුවන්.

මේ නිදන් හෑරීම ගැන පුවත්පතින් හෙළිවීමෙන් පසු ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා නිලධාරි මහතා නිදන් හෑරීම සම්බන්ධව මල්වතුහිරිපිටිය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත්තේ මහාචාර්ය වරයා නිදන්හෑරීමට සම්බන්ධ බව දක්වමිනි.

තොරතුරු - ජයතිලක ගන්නෝරුව


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහාචාර්ය සුනිල් ආරියරත්න නිදන් හෑරිල්ලකට අහුවෙලා
මහාචාර්ය සුනිල් ආරියරත්න නිදන් හෑරිල්ලකට අහුවෙලා
http://ift.tt/2bdGObR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_537.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_537.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy