පෙබරවාරි 10 වනදා රටේ ජනතාව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෝරාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහත...
පෙබරවාරි 10 වනදා රටේ ජනතාව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෝරාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන 05 වැනිදා කොළඹ සංවිධාන කර ඇති විරෝධතාවට ද සිය කණ්ඩායම එක්වන බවයි.
05 වැනිදා පැවැත්වෙන උද්ඝෝෂණය හේතුවෙන් එම කාලසීමාව තුළ ශ්‍රී ලංගම සේවකයන්ගේ නිවාඩුද මේ වනවිට අවලංගු කර ඇති බව මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"5 වෙනිදා උද්ඝෝෂණයේ ප්‍රධානම සාධකයක් වෙන්නේ ජීවත්වීමට තිබෙන්නා වූ අපහසුව, දෙවෙනි කාරණය රැකියා දසලක්ෂයක් දෙනවා කිව්වත් ඒ නිසා විරැකියාව අද. කීවේ අපි දන්නවා රට පාලනය කරන හැටි මුල්‍ය කළමනාකරණය කරන හැටි හැබැයි අසාර්ථක භාවය ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා. ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ වෙච්ච මන්ත්‍රී කණ්ඩායම තාම ක්‍රියාකාරී ලෙස පස් වැනි දා ඒ අයගේ සම්පූර්ණ සහය දෙන්න තීන්දු කරලා තියෙනවා. විශේෂයෙන්ම 19 වැනි සංශෝධනය අනුව හිටපු ජනාධිපතිවරුන්ට නැවත වතාවක් තරඟ කරන්න පුළුවන්ද කියන කාරණය නෛතික තර්කයන් නැතිව ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතාගේ ලිපියක් පළ කරලා තිබුණා. ඒ ගැනත් අවධානය යොමුකළ යුතු කාලය එළඹිලා තියෙනවා. මගේ අදහස තර්කයත් එතකොට චන්ද්‍රිකා මැතිනියටයි, මහින්ද රාජපක්ෂ මහත්තයාටයි නැවත ඉල්ලන්න පුළුවන් ගන්න අදහසක් තමයි ඒ ලිපිය අවසන් කරලා තියෙන්නේ. පොදු අපේක්ෂකයෙක් හොයනවනේ ආණ්ඩුවේ දේශපාලඥයෝ. හැබැයි ඉතිං ඒකට ඕනේ නම් චන්ද්‍රිකා මැතිනියත් ඉන්නවා හොදට ඇයට පුළුවන් ගේන්න මේ පැත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලනකොට. ජනතාව තීන්දුව දීලා ඉවරයි පෙබරවාරි 10 වෙනිදා.”
COMMENTS