ත ම ධුරවලින් ඉල්ලා අස්වූ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හා හිටපු අමාත...
තම ධුරවලින් ඉල්ලා අස්වූ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව යම් කිසි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අයෙක් සිටී නම් එම පැමිණිල්ල පොලිස් මුලස්ථානය වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මේ සඳහා පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ස්ථාපිත කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් ලෙස මෙය ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.
එවැනි පැමිණිල්ලක් වෙතොත් අද ( 2019.06.04) සිට 2019.06.12 දක්වා සෑම දිනකම පෙරවරු 8ත් පස්වරු 4ත් අතර කාලය තුලදී පොලිස් මුලස්ථානයට පැමිණ එම කමිටුව වෙත බාර දීමේ අවස්ථාව හිමිවනවා.
පැමිණිලි බාර දීමේදී ඒවා ලිඛිතව බාර දීමට ක්‍රියා කරන ලෙසත් එම කරුණු සනාථ කළහැකි ලිඛිත හෝ වෙනත් සාක්ෂි මෙම පැමිණිල්ල සමග ඉදිරිපත් කරන ලෙසත් පොලිසිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS