ජාතික හැදුණුම්පත ලබා ගැනිමේදී රුපියල් 100ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබේ. 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ, අභන්...
ජාතික හැදුණුම්පත ලබා ගැනිමේදී රුපියල් 100ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබේ.
1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ, අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන පිළිබඳ අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ අත්සනින් යුතුව ජාතික හැඳුණුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් පෙරේදා (09) ප්‍රකාශයට පත් වී තිබේ.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.
මේ අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුණුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් සියයක ගාස්තුවක් ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත් කර තිබේ.
තවද මෙම ගැසට් නිවේදනයට අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුණුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් පන්සියයක් විය යුතු බව ද නියම වී තිබේ.
මේ අතර, 2015.07.08 දින අංක 1922/25 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබූ මෙම ගාස්තු සංශෝධනය බලපැවැත් වීම තාවකාලිකව අත්හිටුවීම සඳහා වන කෙටුම් පතක් ඉදිරිපත් කළ අතර, එය 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිත ජනතාවට හැඳුණුම්පත් ලබා ගැනීමේ දී සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගෙන අදාළ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමේ දිනය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් කල් දමන ලදී.
COMMENTS