කොටුව ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවරා ගත්තේ යැයි වන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා තැපැල් සේවා සං...
කොටුව ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවරා ගත්තේ යැයි වන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා තැපැල් සේවා සංගමය අද (21) විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි වාර්තා වේ.
එම සංගමය පෙන්වාදෙන්නේ, මෙම ගොඩනැගිල්ල පිහිටි ස්ථානය තැපැල් සේවා කටයුතු පවත්වාගෙන යෑමට ඉතාමත් උචිත ස්ථානයක් වන අතර, මෙය පවරා ගැනීමෙන්, තැපැල් දෙපාර්තමේන්තුව සතු වත්කමක් අහිමිවී යන බවයි.
එම නිසා, මෙය තව දුරටත් තැපැල් දෙපාර්තමේන්තුව සතුව පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසටත්, මෙම ගොඩ නැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවෙන් පිට පෞද්ගලික අංශයට බදු දීමට, පැවරීමට, විකිණීමට, උත්සහ නොකරන ලෙසත් අදාළ සංගමය අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්ද කර තිබේ.
අදාළ ඉල්ලීම නොලැබෙන්නේ නම් සමස්ත තැපැල් සේවකයින් හා වෘත්තිය සමිති එක්ව මෙයට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම සංගමය අගමැතිවරයාට දන්වා ඇත.
COMMENTS