දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් සභාවට සිටිය යුත්තේ අමාත්‍යවරු 05කි - උතුරට පමණක් ඇමතිවරු 6ක්
Homeප්‍රවෘත්ති

පළාත් සභාවට සිටිය යුත්තේ අමාත්‍යවරු 05කි - උතුරට පමණක් ඇමතිවරු 6ක්

PropellerAds

උතුරු පළාත් සභාවේ වර්තමාන අමාත්‍ය මණ්ඩල සංයුතිය මුලූමනින්ම දැන් වෙනස් වී තිබෙ බවත් හිටපු අමාත්‍ය බී. ඩැනිෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ ගොනු ...

රාජිත අහසින් ගිලන් රථ යැවීමට සූදානම්.
ඩුබායි සිට පැමිණි නාමල්ගේ ලේකම්වරිය FCID බාරයට (UPDATE)
මා ළඟ තියෙන්නේ ලක්ෂ 2ක් විතරයි. - ශලීල මුණසිංහ කියයි
පළාත් සභාවට සිටිය යුත්තේ අමාත්‍යවරු 05කි - උතුරට පමණක් ඇමතිවරු 6ක්

උතුරු පළාත් සභාවේ වර්තමාන අමාත්‍ය මණ්ඩල සංයුතිය මුලූමනින්ම දැන් වෙනස් වී තිබෙ බවත් හිටපු අමාත්‍ය බී. ඩැනිෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් වෙනුවෙන් ලබා දී ඇති අභියාචනාධිකරණ තීන්දුව අනුව ඩැනිෂ්වරන් මහතාගේ අමාත්‍යධූරය සක‍්‍රීය කරන ලෙස ලබා දී ඇති අධිකරණ නියෝගය සමගින් අද වන විට උතුරු පළාත් සභාවට අමාත්‍යවරු 6 දෙනෙකු සිටින බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගිය දා යාපනයේදී පැවසීය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා එසේ පැවසුවේ යාපනය උසස් තාක්‍ෂණ ආයතනය නිරීක්‍ෂණය කළ අවස්ථාවේදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අද වන විට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට රැස් වී පළාත් සභාවේ පරිපාලනයට අදාල නීති රීති ප‍්‍රතිපත්ති සැකසීමට පුළුවන් කමක් නැහැ. එයට හේතු වී තිබෙන්නේ අභියාචනාව මගින් ලබා දී ඇති අතුරු නියෝගය අනුව ඩැනිෂ්වරන් මහතාට සිය අමාත්‍යාංශයේ බාධාවකින් තොරව වැඩ කිරීමට පහසුකම් සලසන ලෙස දුන් නියෝගය ක‍්‍රියාත්මක කිරීමයි.  මේ සඳහා ගත යුතු හොඳම සහ පැහැදිලිම විසඳුම පළාත් සභාවේ සියලූම අමාත්‍යවරු ඉල්ලා අස්වී නව අමාත්‍යවරු මා වෙත නම් කර දිවුරුම් දීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියට අනුව  ඕනෑම පළාතක ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් තමයි අමාත්‍යවරු නම් කළ යුත්තේත්, පත් කළ යුත්තේත්. කිසිම අමාත්‍යවරයෙකු පත් කිරීම හෝ ඉවත් කිරීම සඳහා මා වෙත ප‍්‍රතිපාදන නැහැ. ඒ අනුව ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා මෙම ගැටලූවට විසඳුම් කඩිනමින් මා වෙත ඉදිරිපත් කළ යුතුයි.”

“යාපනය, අධ්‍යාපනයට ඉහල ප‍්‍රතිඵල පෙන්වූ දිස්ත‍්‍රික්කයක් ලෙස අතීතයේදී අප අසා තිබුණා. ලංකාව පුරා තිබෙන රෝහල් වල වැඩි වශයෙන් සේවය කරන්නේ යාපනයේ අධ්‍යාපනය ලත් ද්‍රවිඩ වෛද්‍යවරු. ප‍්‍රධාන ආයතනයක් ගත්තත් බොහෝමයක් අංශ ප‍්‍රධානීන් යාපනයේ පුරවැසියන්. යාපනයේ ඉගෙන ගෙන විදේශ රටවල හෝ යාපනයෙන් බැහැරව සේවය කරන එම ද්‍රවිඩ නිලධාරීන් යාපනයේ රැඳී නොසිටින්නේ මන්ද යන කාරණය මා නිරන්තරවම සිතා බලන කරුණක්. මෙම උසස් තාක්‍ෂණ ආයතනයේ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, බදුල්ල වැනි ප‍්‍රදේශ වල සිංහල දෙමළ, මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනය ලැබීම සතුටට කරුණක්. එය සහජීවනයට හොඳ මාවතක්. ඔවුන් මෙම ආයතනයට ආසන්නව තිබෙන ද්‍රවිඩ නිවාස වල නේවාසිකව සිට මෙම ආයතනයට අධ්‍යාපනය ලැබීමට පැමිණීමද අගය කළ යුතුයි. එයින් අපි අතර තිබෙන විරසකභාවය අවසන් විමට හොඳ මඟ පෙන්වීමක් වනවා.  මම මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලන්නේ අධ්‍යාපනය තරම් වස්තුවක් අප කාටත් නැති නිසා හොඳින් ඉගෙන ගෙන උපන් බිමට සේවය කරන ලෙසයි. තිස් අවුරුද්දක ශාප ලත් යුද්ධයෙන් පීඩා විඳි අප සියලූ දෙනා එම යුද්ධයට ශාප නොකර රටේ අනාගතය, අපේ අනාගතය දියුණු කර ගෙන එම බිහිසුණු අත්දැකීම් අමතක කර සහජීවනය සහ සහයෝගය මත කටයුතු කරන ලෙසයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභාවට සිටිය යුත්තේ අමාත්‍යවරු 05කි - උතුරට පමණක් ඇමතිවරු 6ක්
පළාත් සභාවට සිටිය යුත්තේ අමාත්‍යවරු 05කි - උතුරට පමණක් ඇමතිවරු 6ක්
http://am.lk/media/k2/items/cache/682ad1171f02518272d828a8dc674e24_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/05-6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/05-6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy